🍁අනූ හයවන දිගහැරුම🍁

815 146 3
                                    

🌄🌄🌄🌄🌄🌄

මන් ඉදියෙ වැල්ලවත්තෙ බස් නවත්තන යාපනේ ස්ටෑන්ඩ් එක හරියෙ...අයියලගෙ බස් එක දැන් එන්න් ටයිම් එක හරි .... එයත් කෝල් කරල කිව්වා දැන් කිට්ටුව ඉන්නෙ කියල ......

දැන් වෙලාව උදේ දහය පහු.... අයියා ඊයෙ ටිකක් රෑ වෙන්න තිබුන බස් එකක තමයි නැගල තිබුනෙ...ඒක නිසා එද්දි ඉතිං දහය වගේ වෙනව.... අද පොංගල් නිසා ගෙදර සෑහෙන වැඩ ගොඩක් තීනව....උදේ අපි හැමෝම පූජාවට ඉදල තමයි ආවෙ.... දවල් කෑම හැමෝම එකතු වෙලා ගෙදර හදනව...ඒක තමයි රසම........ පොංගල් බත් එක ගොඩක් ප්‍රසිද්ධයි..... ඒක හදන්නෙ ඔය බත් වලට පැනි , කජු වගේ දේවල් දාල් පැණි රහට වගේ.... පාට්ටි තමයි ඒක හදන්නෙ....එයා දක්ෂයි ඔය වගේ වැඩ වලට......

මන් සිත්තප්පගෙ වාහනේ අද ආවෙ.......මන් වාහනේ දොරකට හේත්තු වෙලා ඉදියෙ බස් එකක් එන දිහා බලාගෙන....අද නම් ඉතිං මේ කඩ වල් උනත් සේරම වහල දාලා තියෙන්නෙ නිවාඩු නිසා...... ටිකක් පාළුයි නගරෙම.....

තව විනාඩි දහයක් වගේ යද්දි වැල්ලවත්ත ජැෆ්නා බස් එකක් ස්ටෑන්ඩ් එකට එද්දි මන් ඒ දිහා බලන් ඉදියම බැක් පැක් එකකුත් පිටේ දාගත්ත ගොං බඩුවක් එකෙන් බැස්සා.... අම්මොහ්.... ලුකින් සෝ බියුටිපුල්......

වාව් වාව් වාව්..... සෝ බියුටිපු...ල්....සෝ අලි ජෙන්ස්...

මන් එයාට අත වැනුවම එයා මන් දිහාවට ආවා......

ඇස් වලින් මහන්සිය බෙරේනව....මෙයා කැමති නෑ ඔය බස් ට්‍රේන් වල ගමන් වලට.....කරන්න දෙයක් නැති නිසා තමයි ඔය ආවෙ බස් එකේ.... වාහනේ ආවොත් කොන්ද රිදෙන්න ගන්නවනෙ....

" මහන්සීද අයියේ....."

" ටිකක් "

එයා ළගට ආවම එයාගෙ බෑග් එක අතට ගන්න ගමන් මන් ඇහුවෙ එයා එහෙම කියල කොන්ඩෙ පොඩ්ඩක් උඩට කරල හදාගනිද්දි......

මන් බැක් පැක් එක පිටිපස්සෙන් දාලා එයාගෙ කම්මුලක් මිරිකුවා....

" ගෙදර ගිහින් හොදට කාලා නිදාගත්තම ඔය මහන්සිය ඇරිලා යයි..... නගින්නකො....."

මන් දොර ඇරල දුන්නම එයා මගේ කම්මුලත් මිරිකගෙනම වාහනේට නැග්ගෙ මන් අනික් පැත්තෙන් නගිද්දි...

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now