මං හිටියේ බර කල්පනාවක... ටැක්සි රථය එක පාරට ම තිරිංග තද කලේ මාව පියවි සිහියට ගෙන්න ගන්න ගමන්... මාව ඉස්සරහට තල්ලු වෙලා යන්න ගියත් ෂීට් බෙල්ට් එකට පිං සිද්ද වෙන්න මම බේරුණා... මට රථ අපල ද මන්දා...
උදේ වරුව නිසා මෙහෙ ටිකක් කාර්යබහුලයි... කාර්යබහුල බව කොච්චර ද කිව්වොත් පුදුම ට්රැෆික් එකක් තිබුණේ.. ටැක්සි රථය ඉස්සරහට හෙමින් හෙමින් යන්න හදද්දී ම කොහෙදෝ ඉදලා කඩාගෙන පහත්වුණ මරාල ලක්සිරි වර්ගයේ කාර් එකක් අපේ ඉස්සරහට එකපාරට කඩාගෙන පැන්නා... තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් අදත් ඉස්පිරිතාලේ යන්න වෙනවා හා හා පුරා කියලා... මට හොස්පිට්ල් එකක් පේන්න බැහැ... මායි හොස්පිට්ල් අතරයි තියෙන්නේ කඩන්න බැරි ආත්මීය මිතුරුකමක් ද මන්දා...කොහොමෙන් කොහොම හරි ඒ මගුල නිසා මට එකපාරට ම ආයේ හුස්මගන්න අමාරු වුණා.. ඉක්මනට මගේ බෑග් එකේ තිබුණ බෙහෙත් පෙත්තක අරගෙන කටේ දාගත්තට පස්සේ ඒ ගතිය ඇරිලා ගියා..
"මිස්, මිස් හොදින් නේ ද..."
"අහ්.. ඔව් ඔව්.. අන්කල් මං හොදින්.. අන්කල්ට කරදරයක් නෑනේ ද.."
"නෑ... මම හොදින් මිස්... අපි එහෙනම් යමු... "
"නෑ.. නෑ.. අන්කල් පොඩ්ඩක් ඉන්නකෝ... "
මම එහෙම කියලා ටැක්සි එකෙන් බැස්සා...
බැහැලා කෙලින් ම ගියේ අර මෝඩ මරාල ලදරම් වාහනේ පැත්තට..මේක එයාගේ අම්මාගේ අප්පාගෙ බූදලේ ද... ඇයි හත්වලාමේ පාරේ මනුස්සයෙක්ට යන්න බෑනේ.. මේ වගේ එවුන්ට පුදුම හදිස්සයක්නේ තියෙන්නේ... මෙච්චර හදිස්සියේ මොන මගුලේ යනව ද දන්නේ නැහැ... මෝඩ හෝහපුටු නරියෙක් ද කොහෙද.. ඉන්නවකෝ ඕකා මොකා වුණත් කමක් නෑ මං අද කියන්නේ කනේ ඇගිලි ගහගන්න...
මං හිතෙන් කාර් එකේ අයිතිකාරයාට දෙහි කපන ගමන් කාර් එක ලගට ගිහින් කාර්එකේ කවුලුවට තට්ටුවක් දැම්මා...එයා ඒක විවෘත කලා...
"මේ මිස්ටර් තමුසෙට කවුද හලෝ ලයිසන් දුන්නේ.. මේක අප්පගේ ඔම්මාගේ බුදලේ ද... අඩු තරමේ වැරැද්දක් වුණා ම සමාව ගන්න දන්නේ නැද්ද..."
කාර් එකේ දොරත් ඇරගෙන ඒ මනුස්සයා එලියට ආවා.... මට වඩා උසයි... රත්තරන් දුබුරු එක්ක මිශ්‍ර වුණ හමක් එයාට තියෙන්නේ...මෙසී කොණ්ඩයක් තියෙන්නේ..ඉර එලියට මේ මනුස්සයාව දිලිසෙනවා... එයාව එහෙම දකිද්දී කාලෙකට කලින් මං දැනගෙන හිටපු කෙනෙක්ව මතක් වුණා එකපාරට ම....
YOU ARE READING
HURT SOO GOOD [|JK|] ●ONGOING●
Fanfictionමගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_
Chapter 07
Start from the beginning