ƈԋαρƚҽɾ 35

Začít od začátku
                                    

ඉතින් ඔය දුකට හේතු උන කාරණාව හසරැල්ගෙ ලඟ දිග අරිනකොට හසරැල් දුන්නෙ එහෙම උත්තරයක්.

හිත හැදෙන්න හරි වචනයක් කියන්න , මොනාමහරි විසඳුමක් දෙන්න කෙනෙක් ඕනෙමයි කියලා හිතුන දවස් වල නුවේද් වැඩි හරියක් හිටියෙ තනියම. හැබැයි ඒ කාලෙ ඉවරයි. මොකද දැන් එයාගෙ ඕනෙම දුකක් , වේදනාවක් , හිනාවක් බෙදාගන්න පුලුවන් කෙනෙක් එයාගෙ ජීවිතේ ඉන්නවා.

හසරැල්ගෙ වචනත් එක්ක එයා ඒක ගැන වැඩි දුර නොහිතා ඉන්න තීරණය කරා..

ඔය හැමදේම ඔලුවෙන් අයින් වෙලා යන්නත් එක්ක එයා අර Hidden soul පේජ් එකේ සින්දුවක් ප්ලේ වෙන්න දැම්මා.

" රෑ අහසේ තරු දිලුනට
නෑ එලියක් හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ...

සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට..
ජීවිතයම..

සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ..
ඉපිලෙයි සිත.. "

පද පේලි කීපයක් , ඒකටම ගැලපෙන කටහඬක් නුවේද්ගෙ කාමරේ තිබ්බ නිහඬ බව බිඳලා දැම්මා. ජනේලෙ ගාව තියෙන හසරැල් ගෙනත් දීපු පතොක් පැල දෙක ළඟ එයාගෙ ඇස් නතර වෙනකොට ඉබේටම එයාගෙ මූණට හිනාවක් එන්න ඇති.

තනියම දරාගන්නවට වඩා බෙදාගන්නකොට හැඟීම් මොන තරම් ලස්සනද කියලා නුවේද්ට හිතුනා. හසරැල් එදා නුවේද්ගෙ ලඟ නවතින්න ඉඩ නොයිල්ලන්න නුවේද් එයාගෙ හැඟීම් හිතේම හංගගෙන ඉන්න තිබුනා. මේ හැමදේම හීනයක් වෙන්න තිබුනා. ආදරේ මිනිස්සුන්ව මොන තරම් වෙනස් කරනවද ? පළවෙනි දවසෙ එයාට මුණ ගැහිච්ච හසරැලුයි දැන් එයාගෙ ඉස්සරහ ඉන්න හසරැලුයි අහසට පොළව වගේ. කොහොම උනත් හසරැල්ව අහම්බෙන් උනත් එයාට මුණ ගස්සපු දෛවයට එයා ස්තූති කරා.. කල්පනාව දිගේ සෑහෙන දුරක ගිහින් උන්නු එයා ආයෙම මේ ලෝකෙට කඩන් වැට්ටුවෙ ෆෝන් එකට ආපු මැසේජ් එකක්.

" ඔයා කැමතිම සින්දුව මොකද්ද ? "

හසරැල් අහලා තිබ්බෙ එහෙම ප්‍රශ්නයක්..

නුවේද්ට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උනා. ආසම සින්දු කීපයක් අස්සෙන් එකක් තෝරගන්න එක සෑහෙන අමාරු වැඩක්. අනිත් කාරණාව කාලෙන් කාලෙට ඔය ආසම සින්දුව කියන එක වෙනස් වෙනවා.

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Kde žijí příběhy. Začni objevovat