11 කොටස

398 51 3
                                    

මම හිතන්නේ මම මේ ඉන්නේ හිනේක කියලා.මොකද තාම මට ඒයා මගේ කියලා හිතන්න බැරි නිසා.අදරෙයි කියලා වචනේන් නොකිව්වාට ඒයා මාව බාර ගන්නවා කිව්වා .මම අහන්නේ ඒ මදි ද වේලි වේලි හිටිය මට.

"මොකො බන් කල්පනාව"මම මේ සිහියට ආවේ රිත්මියාගේ ගල් ටකරන් වොයිස් එකට.

"මොකුත් නැ බන්. ගෙදර මතක් වෙනවා.මේ ඒ මම ගිහින් එන්නද?"

"තොට පිස්සු ද,මාවත් එක්ක හම ගහයි තාත්තා .අනිකා මාව කන්න හදයි"

"ඒත් මට මෙහෙම ඉන්න බැ නේද ?"

"ඉතින් බන් අයියා එක්සැම් ලිව්ව ගමන් ඒන්ගේජ්මන්ට් එක ගන්නවා කිව්වා නේද .එතකන් ඉවසන් හිටපන්"

"මේ ඒ උඹ මගේ යාලුවා නේද ,මෙහෙම තිරනයක් ගත්තේ ඇයි කියපන්කෝ "

"ඒක දන්නේ තාත්තා තමයි. සමහර විටක අයියා දන්නවා ඇති,"

"ඒයා කියන්නේ නැ,තාත්තාගෙන් ඇහුවම කියන්නේ ඒයාව විශ්වාස නැද්ද කියලා. ඒත් මට බයයි මේ හැම දෙකම අවසාන ගැන. "

"උඹට කියන්න බැරි දෙයක් මට නැ කියන්න දන්නවානේ.මම උඹලාගේ අයියා දැක්ක පලවෙනි දවසෙමයි මගේ හිතේ ඒයා ගැන කැමැත්ත ඇති වුනේ. ඒත් එක ආකාර්ශණයක් නෙවෙයි ආදරේ කියන්න මම තේරුම් ගත්තේ ඒදා පලවෙනි පාරට මගේ කනට ගැහුව වේලාවේ "

"පොඩ්ඩක් හිටපන්.,අපේ අයියා තොට ගැහුවද යකෝ.කවද්ද ,කොහෙදිද?"

"ඒවා වැඩක් නැ. පරන කතාවක් ඒක.ඒත් මන් හිතුවේ නැ. එයා මට ලැබෙයි කියලා. මට ඒක ඔයාට කියන්න බය හිතුනා.ඔයා මන් ගැන කොහොම හිතයිද කියලා."ඇත්තටම මට ඇඩුනා.

"ඒ යකෝ අඩන්න එපා .මම මොනා හිතන්නද බන්. මම මාරම කැමති තමුසේ මගේ මසිනා වෙනවාට. ඒකනේ මම අර හිපාටුවට කිව්වේ තමුසේ මගේ මසිනා පොඩ්ඩ කියලා"

ඕව් ඒකි කිව්වා නම් තමා. එත් මට තාම බයයි මේක නරක හිනයක් වෙයි කියලා. මගේ සතුට හෝදගෙන යයි කියලා. බලාපොරොත්තු ගොඩ ගහාගන්න බැ. ඒත් ව්ව්න දෙකක් වෙන්න කියලා බලා ඉන්න තමා වවෙන්නේ.

"ආ..හා..ඕවා හිතන්න එපා. මන් හිතනවා බන් අපේ අයියාට හොද හස්බන් කෙනෙක් වෙයි කියල උඹ.,අනික පුලුවන් නම් අපේ අයියාට සතුට කියන එක පෙන්නපන්"

The Miracle eyes(  yizhan)حيث تعيش القصص. اكتشف الآن