60

65 14 29
                                    

මුළු ශාලාවම ඒකාලෝක කරමින් ආලෝක ධාරා නිකුත් වෙද්දි ඉන් පිටවූ ශක්ති කදම්බය නිසාම රජවරුන් දෙදෙනා  දෙපසට තල්ලු වී බිම ඇදවැටී සිටියා.

" ඒ පහළ වූයේ බෝරා මායා ඉසව්ව නොවේද? මෙය විය හැක්කක්ද?" ෆෙලික්ස් ගේ පියා දැඩි කම්පනයෙන් යුතුව කල්පනා කළා. එවැනි මායා ඉසව් විවර වන්නේ සැබෑ ආත්ම සහකරුවන් ගේ ආත්ම එක්ව ඇති විටදී පමණක් බව රජතුමා හොඳින්ම දැන සිටියා.

" ඔවුන් කොහිද?" ෆ්‍රෙඩ්‍රික් රජු සිය සේවකයන්ගෙන් විමසා සිටියා. ඔහු වහාම අණ කළේ ඔවුන් දෙදෙනා සොයාගෙන පැමිණෙන ලෙසයි.
.
.
.
.
දෙසවන් පුරවාලන ජලයේ හඬින් සහ දෑස් නිලංකාර කරන ආලෝකයෙන් අවට පිරී යද්දි ට්‍රයිටන් සහ ෆෙලික්ස් එකිනෙකාගේ දෑත් තදින් අල්ලාගනිමින් දෑස් විවර කරන්නට උත්සහ කළා.

දෙසවන් පුරවාලන ජලයේ හඬින් සහ දෑස් නිලංකාර කරන ආලෝකයෙන් අවට පිරී යද්දි ට්‍රයිටන් සහ ෆෙලික්ස් එකිනෙකාගේ දෑත් තදින් අල්ලාගනිමින් දෑස් විවර කරන්නට උත්සහ කළා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

" මේ මායා ඉසව්ව නොවේද ෆෙලික්ස් ?" ට්‍රයිටන් අසා සිටියා.

" ඔව් ට්‍රයිටන් , මේ එයයි. පිය රජවරුන්ගේ මායා බලපෑම් හමුවේ අප සිතට ආ ආවේග සමග එය ද්වාරණය වූ හැඩයි. අප... අප මෙයින් පිට වන්නේ කෙසේද?" ෆෙලික්ස් අසා සිටියා.

එකවරම නැගුණ හඬ නිසා ඔවුන් එදෙසට දෙසවන් යොමු කළා.

" ඔබ දෙදෙනාගේ බැඳීම අන් කිසිඳු ඉතා විශේෂයි. ඔබ දෙදෙනා ආත්ම සහකරුවන්... ඒ මත විශ්වාසය තබන්න. අන් කිසිඳු අවියක් හෝ මායාවක් මගින් එම බිඳ නොවැටෙනු ඇති. ඒ බැඳීම විශ්වාස කරන්න. "

" එය පවසන්නේ අප ආත්මීයව බැඳී ඇති බවයි. " ට්‍රයිටන් ෆෙලික්ස් ගේ දීප්තිමත් දෑස් දෙස බලමින් කියා සිටියා.

" ඔබ දෙදෙනාගේ අනාගතය ඉතා අභිය්ගාත්මක වනු ඇත... ඔබේ බැඳීම විශ්වාස කරන්න"... එසේ කියමින් ඒ හඬ නෑසී ගියා.
.
.
.
.
මිතුරන් රැඳී සිටි පුස්තකාලයේ දොරටුව විවර වූ වහාම එහි පැමිණියේ ඩ්‍රයිඩන් ගේ පුද්ගලික සේවකයෙක්.

IRISحيث تعيش القصص. اكتشف الآن