20

135 20 35
                                    

සත් ලොවේම ධජ පතාක ආඩම්බර ලෙසින් ගුවනේ ලෙල දුන්නා.
එය හිරු එලියෙන් නැහැවුනු කදිම උදෑසනක්. සැනකෙලියේ පලමු ප්‍රධාන තරගය ඇරඹීමට සියල්ල සූදානම් .
ඒ කිමිදුම් තරගයයි.
සියලු තරගකරුවන් අතර අපේ කඩවසම් කුමාරවරුන් පිරිස කැපී පෙනුනත් , තරගය ජයග්‍රාහනය කරන බවට නරඹන්නන් වැඩිපුරම ඔට්ටු අල්ලා තිබුනේ ජල මායාවේ හිමිකරු Felix හා දිය කිදුරෙකු ලෙස වෙස් පෙරලිය හැකි Darcian කුමරුන් නමින්. කෙසේ නමුත් සාධාරණ තරගයක් පැවැත්වීම උදෙසා සියලු මායා බල යොදාගැනීම තරගාවලිය තුල තහනම් කර තිබුනා.

සුන්දර ගවුම් විලාසිතා වලින් හැඩවුනු කුමාරිකාවන් මුහුදුබඩ කුඩා කදුගැටයක් මත වූ නැරඹුම් පීඨිකාවේ සිට බලා සිටියේ උද්‍යෝගයෙන් . ඒ අතර යෙහෙලියන් තරම් සැහැලුවෙන් සිටින්නට නොහැකි උනේ සංවිධාන කටයුතු වල වගකීම හිස මත දරාගත් Astrea ට.

එදා Gracian වනයෙන් සොයා ගත් සිරුරේ කොටස් අසබඩ ගම්මානයක ජීවත් වූ දරකපන්නෙකුගේ බව ඇගේ සේවකයන් දැනුම් දුන්නේ ඊයේ රාත්‍රියේ . එය හදිසි අනතුරක් බව ඔහුගේ මහලු මවට දැනුම් දී ඇයට ජීවත් වීම සදහා  මාසිකව මුදලක් පරිත්‍යාග කිරීමට Astrea සැලසුම් කලේ අනෙක් සියලු වැඩ රාජකාරි අතරේමයි.

නැරඹුම් වේදිකාවේ සිටි කුමරියන් අතරින් උදෑසනම වුවත් ඉතා වෙහෙසකින් මෙන් හිදගෙන සිටියේ Camelia . ඇගේ සේවිකාවක් අසල සිට අවානකින් ඇයට පවන් සලමින් සිටියා. 

තරගය ආරම්භයට පෙර තරගකරුවන් අතර සිටි Darcian , පීඨිකාව දෙසට හැරී Aurora ට අතවනන අයුරු හා ඇගේ දෙකොපුල් ලාරත් පැහැයක් ගෙන නැවත ඔහුට අතවනන අයුරු Selene බලාසිටියේ මද සිනහවකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තරගය ආරම්භයට පෙර තරගකරුවන් අතර සිටි Darcian , පීඨිකාව දෙසට හැරී Aurora ට අතවනන අයුරු හා ඇගේ දෙකොපුල් ලාරත් පැහැයක් ගෙන නැවත ඔහුට අතවනන අයුරු Selene බලාසිටියේ මද සිනහවකින්. තරගබිමේ සිටි Cyrus ටත් ඒ කුඩා සිද්ධිය මගහැරුනේ නැහැ.

IRISWhere stories live. Discover now