56

78 15 69
                                    

ඩාසියන් සහ ලෙසෝතෝ එල්හොක් ජනපදයේ ශාලාවක් තුල දැඩි නොසන්සුන්බවකින් යුතුව එහා මෙහා ඇවිද යමින් සිටියා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ඩාසියන් සහ ලෙසෝතෝ එල්හොක් ජනපදයේ ශාලාවක් තුල දැඩි නොසන්සුන්බවකින් යුතුව එහා මෙහා ඇවිද යමින් සිටියා. ලිගේරා මායා රැජිණිය නිශ්ටා ලබා දුන් මායා කුඩද රැගෙන පිටව ගොස් හෝරා ගණනාවක් ගෙවී අවසන්. නමුත් තවමත් ඔවුන්ට නිසි පිළිතුරක් ලැබී නැහැ.

එක්වරම ශාලාවේ විශාල ද්වාරය විවෘත වී ශ්වේත කුසුමින් සැරසුනු අලංකාර සළු පිළි පැලඳ සිටි තරුණියක එහි පැමිණියා.

"ලිගේරා රැජිණිය ඔබ පිළිගැනීමට සූදානම්ව සිටිනවා!"

ඇය වදන් එක් කලේ ඩාසියන් දෙසට කෝල බැල්මක් හෙලමින් යනවග ලෙසෝතෝගේ තීක්ශණ දෑස් වලට හසු වූවා. ඒ සමගම ඩාසියන් දෙස බැලූ ඔහු ඩාසියන් ද තරුණිය හට මදසිනහවක් තිළිණ කරනු දුටුවා.

"නුඹේ ගැහැණු ලෝලී බව හාමෝනියාවට පමණක් සීමා කිරීම සුදුසු වනු ඇති ඩාසියන්!
අප පැමිණ සිටින්නේ වැදගත් කටයුත්තක් සඳහායි!"

තර්ජනාත්මක ලෙස ඩාසියන්ගේ සවනතට මිමිණූ ලෙසෝතෝ ශාලාවෙන් පිටව යන්නව වූවා.

"හොඳයි!
මා එල්ක් හෝන්හි සිටින මායා විශේෂඥවරුන් ලවා මෙය පරීක්ෂා කරවූවා. අපට ලැබුණු ප්‍රතිඵල අනුව මෙහි කිසිම ආකාරයක ඖශධයක් අඩංගු වන්නේ නැහැ.
නමුත් උග්‍ර විශක් අඩංගු වන බව නම් පැහැදිලියි."

ලිගේරා රැජිණියගේ වදන් ඇසූ ඩාසියන් හා ලෙසෝතෝගේ දෑස් විසල් වූවා.

"නමුත්... නමුත් මෙය පාවිච්චි කල ට්‍රයිටන් කුමරු තවමත් ජීවතුන් අතරයි රැජිණියනී!"

ලෙසෝතෝගේ වදන් හමුවේ රැජිණිය කල්පනාකාරී වූවා.

"මෙය ඔහුට ලබා දුන් බව ඔබට හොඳින්ම විශ්වාසයිද?"

IRISDonde viven las historias. Descúbrelo ahora