23

136 22 13
                                    

Felix කුටියට වී කල්පනා කරමින් සිටියා. ඔහුගේ සිතට දැනෙන්නේ තදබල වේදනාවක්. තමා Chironව මරා දැමීමට තරම් කුරිරු සිතැත්තෙකු බව Triton සිතන්නේ කෙලෙසද?
තමා ගැන කුඩාම හෝ විශ්වාසයක් ඒ සිතේ නැති බව නොවේද ඔහු ඒ පවසන්නේ.

Chironගේ මරණය Tritonට විශාල පහරක් වූ බවත්, එම මරණය අදටත් අභිරහසක් බවත් Felix දැන සිටියා. නමුත් Triton මේ මුළු කාලය මුලුල්ලේම තමාව එයට සැක කලායැයි යන්න ඔහු දැන සිටියේ නෑ. එනිසාම එය ඔහුට මරු පහරක් වූවා.
අන් සියල්ල පසෙකලා තමාගේ නිර්දෝශීත්වය Tritonට ඔප්පු කිරීමට Felix පිඹුරුපත් සකසන්නට වූවා.

ඒ අවාසනාවන්ත දිනය Felixගේ මතකයේ හොඳින් ඇඳී තිබුනා. Chiron, හිමවන් සුදෝ සුදු Chiron,
Tritonගේ පමනක් නොව Felixගේද සුරතලා වී සිටියේ. ඉතින් ඔහු බිම ඇද වැටී සිටිනු දුටු Felix එහි දිව ගියේ Chironට අසනීපයක් හෝ ඇති වී දැයි සොයා බැලීමටයි.
නමුත් ඒ මොහොත වනවිටත් Chiron සිටියේ මෙලොව හැර ගොසින්.

තරඟයේ නිමාව හා Chiron අසලට Felix පැමිණි වේලාව අතර තිබිය හැක්කේ විනාඩි තිහ හතලිහක පරතරයක්. තරඟයේ නිමාවෙන් පසුව Chironට ජලය ලබා දී, ඉස්තාලයට රැගෙන ඒමටත් යම්කිසි කාලයක් ගත වනවා. එසේ නම් Deadly sea hemlock, කවුරුන් හෝ විසින් Chironට ලබා දී ඇත්තේ මේ කුඩා ඉඩකඩ අතරතුරදීයි.

සමහරවිට තමා එහි පැමිණෙද්දීත් අපරාධකරු ඒ කොහේ හෝ ස්ථානයක සැඟවී සිටියා විය හැකියි.
Felix යලි යලිත් ඒ පිලිබඳ සිහි කර බැලුවාත් ඔහුට අලුත් කිසිවක් සිහි වූයේ නැහැ.

Barnabassහි රාජකාරී කෞතුකාගාරයට ගිය Felix, Deadly sea hemlock පිලිබඳ සියල්ල සොයා බලන්නට වූවා. එය Enidහි සාගර පත්ලට ආවේණික වූ උග්‍ර විශ පැලෑටියක් බවත් ශරීරගත වීමකදී විනාඩි කිහිපයක් ඇතුලත හෘදය අකර්මණ්‍ය වීමෙන් මිය යන බවත් Felix දන්නා කරුණුම වූවා.
Deadly sea hemlock සාමාන්‍ය පුද්ගලයන් හට ස්පර්ශ කිරීමට හෝ නුසුදුසු පැලෑටියක්. එය නෙලා ගැනීමට හැක්කේ ජල මායාවන්හි පරතෙරට පැමිණි අයවලුන්ට පමණයි.
එසේ නම් මෙය Freyjaවට රැගෙන ගියේ කවුරුන් විය හැකිද?
තමා හා පිය රජු හැරෙන්නට එවන් මායාවක් සිදු කිරීමට හැකි අන් කිසිවෙක් පිළිබඳව Felix දැන සිටියේ නැහැ.

IRISWhere stories live. Discover now