58

58 14 37
                                    

අවුරෝරා , සෙලින් සමග මුහුදු වෙරල දෙසට දිව ගියේ නොඉවසිල්ලෙන් . කුමක් කරන්නදැයි නොදැන සිටි බවක් දිස්‍වුන කැමිලියාද හති දමමින් ඔවුන් සමග දිව ආවා.

ඔවුන් දුටුවේ ලෙසතෝව  වත්තම් කරගෙන එන ඩාසියන් .
එහෙත් ලෙසතෝද අපහසුවෙන් වුනත් ඇවිද එමින් සිටියා.

" දෙවියනේ , ඩාසියන් ඔබ හොදින්"" ලෙසතෝ ඔබට බොහෝ තුවාලද? "කුමරියන් තිදෙනා ඔවුන් දෙසට දිවගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දෙවියනේ , ඩාසියන් ඔබ හොදින්"
" ලෙසතෝ ඔබට බොහෝ තුවාලද? "
කුමරියන් තිදෙනා ඔවුන් දෙසට දිවගියා.

" ඔහුගේ පාදයට  විශ හීයක් වැදුනා . අපි ඔහුව ප්‍රතිකාර සදහා රැගෙන යමු." ඩාසියන් කිවා.

" එය එතරම් බරපල නැහැ. මා දැනටම එයට ප්‍රතිවිශ මුහුදු ඇල්ගී වර්ගයක් ආලේප කරගත්තා. කලබල වන්නට හේතුවක් නැහැ"
ලෙසතෝ කීවෙ ඔහුට යොමු වෙන හැමදෙනාගේම අවධානය නිසා අපහසුවෙන්.

මේ අතර එනිඩ්හි ආරක්ෂක නිලධාරීන් තුවාල ලත් පුද්ගලයන්ව ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අල්ලා ගත් නයිග්‍රන්ස්හි සෙබලුන් සිර මැදිරි කරා ලහි ලහියේ ගෙන යමින් සිටියා .

ඒ අතරින් ඔවුන් වෙත දිව ආවේ ඩ්‍රයිඩන් , අzසුල් හා සයිරස්.
අzසුල් ගේ දකුණු අත රුධිරය වැකී තුවාලයක් ඇති බවක් පෙන්නුම් කලා.

ෆේලික්ස් හා ට්‍රයිටන්ද ඔවුන් සියලු දෙනා සිටි තැනට පැමිණියා.

" ඔබ සියලු දෙනා හොදින්ද?? අප සියලු දෙනා එක්වී ඒ උමතු මායාකාරියව පරාජය කලා එහෙනම් !! "
ෆේලික්ස් පැවසුවා.

"අzසුල්. හා ලෙසතෝ , අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා ඔබ ගෙනයන්නම්. " ඔවුන්ගේ තුවාල දුටු ට්‍රයිටන් කියා සිටි අතර ඔවුන් ඒ සදහා අස්‍රියක් කැදවා ගත්තා.

" ෆේලික්ස් , නිශ්ටා මිය ගොස් නැහැ. මා සිතන්නේ ඇය කලු දුමාරය මවා පලා යන්න ඇති ."  සයිරස් පැවසුවා.

IRISWhere stories live. Discover now