2

272 25 83
                                    

Astrea කුමරිය ලොකු සුසුමක් පිටකලා.
ඇය සත්කාරකත්වය දරන පලවෙනි Ophelia සැනකෙලිය !! පටන් ගන්නත් කලින්ම මේ කුමක් උනාද. අමුත්තන් සැමටම හොදම ආකාරයෙන් සලකන්නයි ඇය හැමදේම සුදානම් කලේ.. ඒත් මේ සීතල උඩගු Triton හදිසියේම පැමිණියේ , පැමිනෙන බව සනාථ කරන්නෙත් නැතුවයි . නැතිනම් වෙනත් මාලිගාවක් සූදානම් කරනවානෙ මම.."

" Astrea , මේ මාලිගය කදිමයි ..බොහොම ස්තුතියි "

Felix කුමරු සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඇය අසලට පැමිනියා.

" ඔයා ගොඩක් මහන්සි වෙනවා වගෙයි සත්කාරක ලෝකය වෙනුවෙන් . " ඔහු තවදුරටත් කියා සිටියා.

" ඔබ සෑහීමකට පත්වෙනවා නම් මට බොහොම සතුටුයි Felix . සමාවෙන්න ඔබත් යම් අපහසුතාවකට ලක් උනා නම්. මම කිව්වේ වාහන අන්ගනයේදී..".  Astrea පැවසුවේ මුහුනේ කනස්සල්ල සිනහවකින් වසාගෙන ..

" Astrea , ඕ... Astrea , ඔයා ගනන් ගන්නවද ඔය Triton ගේ පුපුරන තරහ.. !! බලන්නකෝ festival එකේ තරගාවලි වලදී මොකද වෙන්නේ කියලා.. "

Felix දකුණු අතින් රිදමයානුකූල කුඩා චලනයක් කලා..  අසල මේසය මත තිබූ බදුනේ ජලය ඉහලට ගොස් Felix සහ Astrea අතරින් වැස්සක් වගේ බිමට වැටුනා..

" ඔයාට බලන්න පුළුවන් වෙයි වතුරෙන් ගින්දර විනාශ වෙලා අගුරු කෑල්ලක් විතරක් ඉතුරු වෙන හැටි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයාට බලන්න පුළුවන් වෙයි වතුරෙන් ගින්දර විනාශ වෙලා අගුරු කෑල්ලක් විතරක් ඉතුරු වෙන හැටි. ඇත්තටම ඒක හරිම විනෝදයක් වේවි ".

ඒක නම් නෙවෙයි මේ සැනකෙලියේ මා බලාපොරොත්තු උන විනෝදය.. Astrea සිතූ දේ වචන කලේ නෑ.
මේ වසරේ සත්කාරකත්වය නම් ලෙහෙසි වන වන එකක් නෑ. සන්ගීතය, විනෝදය, රසවත් කෑම සහ වයින් විතරක් වෙන එකක් නෑ මෙවර ophelia සැනකෙලිය ..
Triton හා Felix .. !!
ඔවුන්ගේ ලෝක දෙක මේ හිතුවක්කාරයන් දෙදෙනාවම තෝරාගත්තානේ තමන්ගේ නියෝජිතයන් විදිහට  .. !! Astrea නැවතත් දිග සුසුමක් හෙලුවා..

IRISWhere stories live. Discover now