49

78 13 53
                                    

ඔබ සිතන්නේ ඒ ඝනීභවන මායාව කලේ ඔබ කියලා? "
ෆේලික්ස් ඇසුවේ කල්පනාකාරී ලෙසින්.

ඔබ සිතන්නේ ඒ ඝනීභවන මායාව කලේ ඔබ කියලා? " ෆේලික්ස් ඇසුවේ කල්පනාකාරී ලෙසින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මා දන්නවා. එය විය නොහැකි දෙයක්. මටත් තේරුම් ගන්න බෑ.
නමුත් ... ඒ මොහොතේ යම් දෙයක් උනා.."

" හ්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හ්ම්ම්.. ඒත් එය සිදුකිරීමට හැකි වෙනත්  කිසිවෙකුත් මෙහි සිටියේ නෑ නේද?? ".
ෆේලික්ස් නැවත සිදුවූ දේ මෙනෙහි කලා..  

බානර්බස් ලොව සැනකෙලියට පැමිණ නැවත ට්‍රයිටන් හා සමීප වන්නට පටන් ගත් දා සිට දැනට කීප වතාවක්ම තමන් සිහිනය හා සැබෑව අතර දුටු ඒ ජල මායාවෙන් හා අග්නි මායාවෙන් සැදුම් ලත් ඒ විශ්මයජනක අවකාශය.. ඒ සැමවිටම ඇසුනු කටහඩ.. සැමවිටම එය කියාසිටියේ ඔවුන්ගේ බැදීම ගැන විශ්වාසය තබන ලෙසයි. තමන් දුර දිග නොබලා ආවේගයෙන් ක්‍රියා කල අවස්ථාවල ඒ කටහඩ තමන්ට අවවාද කල සැටිත් ෆේලික්ස්ට සිහි වුනා.
අද ගිනි කන්ද තුලදී එය ට්‍රයිටන් යනු තමන්ගේ අනික් අර්ධය කියාද පැවසූවා.

" ජල මායාවක් මා අතින් වූවා යැයි මටවත් තවම  විශ්වාස කල නොහැකියි."

ඒ අතර ඉහල ගුවනේ අධිවේගී යානාවක හඩක් ඇසෙන්නට ගත්තා.
" ඒ ඩ්‍රයිඩන්ගේ යානය නේද? ".  ෆේලික්ස් අහස නෙත යොමු කරමින් ඇසුවා.
" ට්‍රයිටන් අප මේ ගැන පසුව කතා කරමු."

IRISWhere stories live. Discover now