BF FOREVER part 44....

Start from the beginning
                                    

( මොහොතකින් Vව තම දෑතට ගත් jk හිමින් සීරුවේ ඔහුගේ කාමරය වෙත රැගෙන යන්නට විය )

Jk - මං යනවා පල්ලෙහාට.දොර ලොක් කර ගන්න.

( Vව  යහන මතින් හාන්සි කරවූ JK එලෙස පවසන්නට විය)

V - හියුන්ග්??

JK - මොකද අනේ??

V - ය් යන්න එ එපා.

JK - ඇයි සාංකාවද?? බෝයිෆ්‍රෙන්ඩ් ඇවිත් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ඉදන්. ඌට එන්න කියන්නද ඔයාගේ තනි මකන්න??

V - ඇ ඇයි හියුන්ග් ම් මේ??

JK - මගෙන් මුකුත්ම අහන්න එපා ඔයා. මං යනවා. දොර වහ ගන්නව නම් වහ ගන්න. බෝයිෆ්‍රෙන්ඩ්ට එන්න කියන්න ඕන නම් ඒකත් කියන්න. මං ගිහින් කියන්නම්.

V - හියුන්ග් ඔයා කේන්ති අරන්.එහෙම එප් පා.ම් මට බයයි.

( JKව තදින් වැලද ගනිමින්)

JK - පැත්තකට වෙලා ඉන්න අනේ. අරූ ඇවිත් තියෙන්නෙ ඔයාව Marry කරන්නනේ නේද? යනවා ඉතින් ඌ ලගට. මගේ ලගට වෙලා හිටියා කියලා මොකක්ද ඇති ප්‍රයෝජනේ?? ඌ කියනවා වගේ මං හිගන්නෙක්නෙ.

V - ය් යනවා යන්න. තමුසෙත් යනවා හියුන්ගි. එන්න එපා ම් මං ලගට. කවුරුත්ම ඕන්නෑ. මාත් යනවා මගෙ eomma ලගට.

( v නැවත වරක් මහ හඩින් හඩා වැටෙන්නට වූයේ යහනින් බැස අසල වූ කබඩයට ද දෑත යවමිනි)

V - මගෙ eomma , appa , ජිමිනිට පස්සෙ මං ලං උන එකම කෙනා තමුසෙ හියුන්ගි. මට මැරෙන්න හිතිලා තියෙද්දි තමුසෙත් කොහෙද යන යොන්ජුනියෙක්ව අල්ලන් මාව කන්න යනවා. මට කියලා කවුද දෙයියනේ ඉන්නෙ? කවුද මගෙ හැගීම් තේරුම් ගන්නෙ?? මාත් යනවා මගෙ eomma ලගට. තමුසෙලා.... තමුසෙලා ඔක්කොම සතූටින් ඉන්නවලා එතකොට.

( බෙහෙත් පෙති කීපයක් අතට ගනිමින් මහ හඩින් කෑ ගසන්නට විය )

Jimin - jk ම් මොකද උනේ?? ඇයි ම් මේ සද්දේ? වස්තුව ඇයි මේ?

V - ම් මං මගෙ eomma ලගට යනවා ජිමිනි. ම් මගේ appaවයි හියුන්ග්වයි පරිස්සමින් බලා ගන්න.

( තම අත තිබූ පෙති කීපය මුවට ලං කර ගනිමින් )

Jk - ආෂ්ෂ්..... චූටි මට සමාවෙන්න රත්තරනේ මට සමාවෙන්න. ආයේ එහෙම කියන්නෙ නෑ දෙයියෝ. මං ඔයාට ආදරෙයි චූටි. අනේ ම් මට සමාවෙන්න පැටියෝ. හියුන්ග්ව දාලා යන්න එපා චූටි පින් සිද්ධ වෙයි. ආෂ් ජිමින් අනේ මට සමාවෙයන් බං මං චූටිට සෑහෙන්න ආදරෙයි. පණටත් වැඩිය ආදරෙයි බං. මට ගහනවනම් ගහපන් බං. චූටි මට සමාවෙන්න රත්තරනේ..ම් මං දන්නවා ඔයාගේ හිතේ තියෙන්නෙ සහෝදර බැදීමක් විතරයි කියලා. අනේ මැනික හියුන්ග්ව විශ්වාස කරන්න මං ගොඩක් උත්සාහ කලා මගෙ හිතේ තියෙන්නෙත් එහෙම හැගීමක් විතරයි කියලා හිතන්න. Appaගෙ නමින් සූකිරි බඩිල්ලගෙ නමින් දිවුරන්නම් චූටි ඔයාට තියන දේපලටවත් සල්ලිවලටවත් නෙවෙයි මං ආදරේ කරන්න ගත්තේ. ඔයා පුංචි  දරුවෙක් වගේ මගේ තුරුලෙම ඉද්දි මට දරා ගන්න බැරි උනා මහත්තයෝ. මටත් හැගීම් දැනීම් තියනවා චූටි කොච්චර ඉවසන් ඉන්න හැදුවත් අද මං  පරාද උනා. ආෂ්ෂ්..... සමාවෙන්න චූටි ම් මට ඊරිසියා හිතුනා yeounjun  කියපු දේවල් වලට.ඒකයි ඔ ඔයාට කෑ ගැහුවේ. අනේ ජිමින් මං වැරදියි කියන්න දන්නවා බං. චූටි අහසේ ඉද්දි මං ඉන්නෙ පොලොවෙනුත් යට. අපි අතරේ සෑහෙන්න ලොකු වෙනසක් තියනවා. අනේ බං මං බොරුවක් කලේ නෑ ජිමින්. චූටි මාව විශ්වාස කරන්න රත්තරනේ වැරදි හැගීමකින් එක නියමලක්වත් අල්ලලා නෑ මං ඔයාගේ.

BF foreverWhere stories live. Discover now