BF FOREVER 22....

Start from the beginning
                                    

V - තාම නෑ ජිමින්. ඔයා කෑවද?

Jimin - ඔව් බං දැන් කෑවේ.ඊයේ eunwoo ඇවිත් උබව ඇහුවා.

( මේ වෙලාවෙදී jk ත් wash දාගෙන සාලෙට එන ගමනුයි හිටියේ)

V - ම්ම් එහෙම ද?

Jimin - ඔව්. මටත් ඔය මිනිහව පේන්න බෑනේ බං. ඒ නිසාම මං ඇහුණේ නෑ වගේ ලමයින්ට practice කර කර හිටියා. පොරත් ආයේ චාටර් වෙවී අහන්න ආවේ නෑ හැබැයි. සඳුදා college එනවා නේද?

V - ම්ම්.... හෙට රෑට මං හරියටම කියන්නම් ජිමින්.

Jimin - new year එකට ලැස්ති වෙන නිසා college එකේනම් lectures කෙරෙනවා අඩුයි කොහොමත්. ඒ උනාට වරෙන් ගෙදර ඉදන් කාලේ කන්නැතුව.

V - හරි ජිමින්.

Jimin - මං තියන්නම් වස්තුව දැන්. හෙටත් දවසම practice. ඔයා පරිස්සමින් කල්පනාවෙන් ඉන්න එහෙනම්. උවමනවක් උනොත් call කරන්න. සරංහේ මයේ වෂ්තුව....

V - ඔයත් පරිස්සමින් ඉන්න jimin. නාදු සරංහේ..

( jiminගෙයි vගෙයි කතාබහ අහන් හිටිය jkට හිතා ගන්න බැරි උනේ vගේ මේ අමුතු හැසිරීමයි.)

Mingyu - චූටි හියුන්ගී.... ඇයි එයා ඔයාට වස්තුව කියන්නෙ?

( දුකින්)

V - චූටි කාලේ ඉදන් මගේ හොදම යාලුවා එයා පැටියෝ. ආදරේටනේ එහෙම කතා කරන්නෙ.

Mingyu - එතෝට.... එතෝට...

Jk - නෑ නෑ එයා චූටි හියුන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නෙවෙයි. ජිමින්ට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.

( mingyu හිතුවේ මොකක්ද කියලා තේරුම් ගත්ත jk එතනට ඇවිත් එහෙම කිව්වා)

Mingyu - හම්නේ සූකිරි බඩිල්ලා බය උනා....

Jk - හිතන්න එපා චූටි මෙයාව ආශ්‍ර්‍ය කරන එක ලේසියි කියලා. මෙහෙම හිටියට හරි නීතිකාරයා. එයා permission දෙනකන් අපිට lover කෙනෙක් හොයා ගන්න බෑ.

Mingyu - ඉතිම් මොකෑ වෙන්නෙ? හියුන්ගිලා උනාම මල්ලිලා කියන දේවල් අහන්න ඕන.

Jk - මල්ලි නෙවෙයි මගෙ appa වගේනේ ඔයා හැසිරෙන්නෙ.කෑවද බබා?

Mingyu - ඕ.... දැන් දෝ මතයි සූකිරි බඩිල්ලට. හියුන්ගිලාගේ ගුන් නයිට් හග් එකයි කිස් එකයි දුන්න නම් සෝයි එකට දෝ ගන්න තිබුනා බබාට.

Jk - ම්ම්ම්ම් හරි පැටියෝ හොදට දෝ ගන්න. ගුඩ් නයිට්....සරංහේ....

( mingyuගේ නලලටයි කම්මුල්වලටයි හාදු තවරමින්.)

Jk - චූටි....

( vගෙන් ප්‍රතිචාරයක් නොමැත)

Jk - චූටි.... ඇහෙනව ද මාව?? Mingyuට නිදා ගන්න ඔයාගෙන් කිස් එකයි හග් එකයි ඉල්ලනවා.

V - අ.... ආ හ.... හරි හියුන්ග්.. කෝ එන්න මගෙ පැටියා.... ගුඩ් නයිට් බබෝ..

( කලබලයෙන් මෙන් mingyu ලගට ගොස් හාදු දෙයි)

Mingyu - ගුන් නයිට් හියුන්ගිටයි , චූටි හියුන්ගිටයි. සලංහේ....

( mingyuත් jkටයි vටයි හාදු තවරා නින්දට යයි)

V - හියුන්ග් මාත් නිදා ගන්න යන්න ද?

Jk - කාලා ඉන්න.

V - බඩගිනි නෑ හියුන්ග්.

Jk - කමක් නෑ එක කටක් හරි කන්න. Appa කෑම හදන ගමන් ඉන්නෙ. ඉක්මනට ඉවර වෙයි.

V - ම්ම්ම්ම්....

( jk ගේ ජංගම දුරකථනය නාද වෙයි. Phone screen එකේ වැටෙන නම දැකපු jk call එක answer phone නොකර පැත්තකින් තියයි)

Jk - ඇගට අමාරුද?? කෝ එන්න ඔයාගේ බෙල්ලෙ බාම් ටිකක් ගාන්න.

( බාම් එකක් අතැතිව)

(දිගින් දිගටම දුරකථනය නාද වෙයි)

V - හියුන්ග්.... phone එක ring වෙනවා.

Jk - හ්ම් මං දැක්කා. කොතනද රිදෙන්නෙ කියන්න.

V - answer කරන්නෙ නැද්ද? මේ පැත්තේ යටට වෙන්න රිදෙන්නෙ. මං බාම් ටිකක් ගා ගන්නම් හියුන්ග්. ඔයා call එක answer කරන්න.

Jk - පණ්ඩිත නොවි ඉන්න. මං ගාන්නම්.

(එලෙස පැවසු jk බාම් ආලේප කරන්නට විය)

( නොනවත්වා දුරකථනය නාද වන අතර කෙටි පණිවිඩ ද සෑහෙන්න ප්‍රමාණයක් පැමිණෙයි)

V - හියුන්ග්....හදිස්සියක් ද දන්නෙ නෑ. Answer කරලා ඉන්නකෝ.

🙂 නිකන් ඉන්න එකේ පැල් කවියක් හරි කියලා යන්න ලමායි 🙈
😒ලෝබ නොවී කමෙන්ට් එකක් දාගෙන යන්නලකෝ කතාව ගැන. මං ලියනවා ඔයාලා කියවනවා. 😒 අඩුපාඩු තියේද මොන සෙද්දවත් මට දැන ගන්න විදියක් නෑ ඉතිම්.

BF foreverWhere stories live. Discover now