ඔහ් ශිට් !!! මේ ඇගිල්ල !! ගවීෂ් මිමිණුවේ හැමදාම වගේ ඔන්නැති වෙලාවේ සීන් කරන්න ඕනෙම නැති මැසේජ් එක ඕපන් කරන්න නම් මේ ෆෝන් මාර කාර්යක්ෂමයි කියල මතක් කරගෙන....

ඔහ් !! හරියට ස්පේස් බා එකවත් වැදිල නැති සිම්පල් කැපිටල් මාරු උන ටෙක්ස්ට් එක දිහා ගවීෂ් බැලුවේ නළලත් යන්තමින් රැලි කරල.... මුට ඒම ඒම වැරදිත් වෙනවද.... තාමත් මියුන් ටයිපින් විත්තිය ගවීෂ්ට පේනව.... කොහොමටත් සීන් කරපු එකේ කලබලෙන් ඇස් ටෙක්ස්ට් එක උඩ යවපු ගවීෂ් තත්පරේක පරක්කුවට ඒ මොකක්ද කියල අදුරගත්තා... එයා කැප්ශන් දාපු සිංදුවේ ඊළග පේළි දෙක...

💚 : -
If u tell mE, You are LeavinG ....

I' ll maKe it easy ....It'll Be ok ...

If we cAn't stOp the bleeeding ,
we dn't hv to fiX it,,

we dn't hv to stay... "

යකෝ.... !!! මීට වඩා හොදයි මූ මට කෙලින්ම් පිහියෙන් ඇන්න නම් ! ගවීෂ් මිමිණුවේ ෆෝන් එක දිහා තත්පර ගානක් බලන් ඉදල... සින්දුව කැප්ශන් දාන්න කලින් ඒකේ ඊළග පේළි දෙක මතක් නොවුනේ මොන කරුමයකටද... ගවීෂ් චැට් බොක්ස් ක්ලෝස් කරන්න කලින්ම මියුන් සින්දුවේ ඊළග පේළිය ටයිප් කරපු ටෙක්ස්ට් එක ස්ක්‍රින් එකේ වැටුනේ ගවීෂ් අද දවසට කී වෙනි ද කියල දන්නැති ඊළග බර හුස්මත් පිට කරද්දි...

💚 : - *I will love you either way.....*

පාහරයා !! හහ්... කොහේට හරි වෙලා ෆෝන් එකට එබීගෙන ඇස් ලොකු කරගෙන මේ මැසේජ් එක ටයිප් කරන මියුන්ව මවාගත්තම ගවීෂ්ගේ පපුව බර වෙලා යන්නේ ඉබේටම වගෙ.... අනෙ ඉතින්.... ගවීෂ් ෆෝන් එක ළගට අරගෙන යන්තමින් තොල් තද කරල පපුවට තියල තද කරගත්තේ කරන්න වෙන දෙයක් නැති කමට... ඔව් මහ කාළකණ්නි අසරණ හැගීමක් !!! මෙක කරන්නම වෙනවනෙ, ඇරත් උරුමය තහවුරු කරන්න ඕනෙ කරන එකම දෙ.... යොවන්දිව වෙන වේඝර්ණ කොල්ලෙක්ගේ ඇගේ ගහන එකෙන් බෙරගන්න තියෙන එකම විදිය... එතකොට එයා එක්ක පස්සේ කතා කරල විසගන්න පුලුවන් ... සමහර විට අද හවසටම.... ඉතින් මේ මෝඩ පාහරය එතකන් , ඉන්න තැනක පිස්සු කෙලින්නැතුව ඉන්නව නම් ඇති... !!

පපුවට තියල තද කරගෙන ඉදපු ෆෝන් එක ආයෙත් හිමින් එහාට කරද්දි ගවීෂ්ගේ ඇස් දෙක ආයෙමත් නැවතුනේ පුරුදු කොළ පාට හාට් එක උඩ.... ඉතින් ආයෙමත් ???  හහ්..වෙනදට කොච්චරක් අමාරුද මේ මනුස්සයට ටෙක්ස්ට් එකක් එවන එක.... ඒකට අද !! සේරටම කලින් රීඩ් රෙසිපිට්ස් ඕෆ් කරපු ගවීෂ් ඉමේජ් එක ඕපන් කලේ යන්තමින් තොල් අතරේ ඇදුන ලා හිනාවක් එක්ක.....

- Plot 23 -Where stories live. Discover now