- 103 -

5.4K 834 442
                                    

ඉර බැහැල ගිහින් මහ වෙලාවක් නැතුව ඇති.... අප්ලොශ් එකෙන් එළියේ රේසින් සර්කිට් එක තිබ්බ ඒරියා එක පැත්තට සැලකිය යුතු වේගෙකින් වංගුව ගත්ත සුදු පාට යමහා බයික් එකයි, ඒ ජාතියේම කළු පාට බයික් එකයි රේසින් ට්‍රැක් එක පටන් ගන්න තැනදි බ්‍රේක් කලේ සෑහෙන ගැම්මකින්.... එක ළග නවත්තපු බයික් දෙකේ ඉදියේ වෙන කවුද අපේ රස්තියාදුකාර උරුමයන් දෙක මිස....!!!. ගවීෂ් හෙල්මට් එකේ වයිසර් එක පහත් නොකරම අරවින්ද්ට පහක් දැම්මේ ඊළගට ඇවිත් නවත්තපු රතු පාට බ්‍රෑන්ඩ් නිව් බයික් එක දිහා කොල්ලො එකම ආකාරයේ නෝන්ඩි බැල්මයකින් බලද්දි.... පමා වෙලා ආ එයා...වෙන කවුද ඉතින් අපේ මියුන් කොලුව මිසක්....

" මොනවද වින්ද් මේ ? ඊව්ව්... ලැජ්ජාවේ බෑ මැන්ශන් එකටම........" ගවීෂ් කිව්වේ මියුන් දිහා නෝන්ඩි බැල්මක් දාලා.... මිනිහා බයික් පදින්න වැඩි කැමත්තක් නෑ තමයි... ඒමයි කියලා කලින් පදින්නැතුව ඉදලත් නැ... දැන් මේ තුන් කට්ටුව එළියට බැස්සේ වෙන මොකටවත් නෙවේ අප්ලොශ් එකෙන් එළියේ රේසින් ට්‍රැක් එකේ බයික් එකෙන් වට දෙක තුනක් දාන්න හිතන්.....

රේසින් සර්කිට් එකේ එන්ට්‍රන්ස් ගේට් එක පාස් වුණ ඇසිල්ලෙම කොල්ලෝ තුන් දෙනාම ආයේ බයික් තුන නැවැත්තුවේ , ලෙදර් ග්ලවුස් , හෙල්මට් ඇජස්ට් කරගන්න.... මේ ස්ටාටප් ලයින් එකයි , සැලකිය යුතු දුරක් කෙලින් ඉස්සරහට වැටිලා ආයේ කර්ව්ස් එක්ක තියෙන මේ රේසින් සර්කිට් එක ගවීෂ් අරවින්ද් දෙන්නට නම් නුපුරුදු දෙයක් නොවුනට මියුන් ට්‍රැක් එකක රේස් කරන පළවෙනි වතාව....

" මූණ හම යවාගෙන මැරෙන්න ආස නම් හෙල්මට් එක බුරුල් වෙන්න දාන් පල ඇ... " ගවීෂ් උගේ එහා පැත්තේ ඉදපු මියුන්ට උපදෙස් දුන්නේ මියුන් උත්තර නොදීම උගේ වයිසර් එක ඩවුන් කරගනිද්දි.... ප්ෆ්ට්!! හොදට කිව්වමත් වැරදි මුන්ට.... අනික කියලා ඉවරත් නෑ..... ගවීෂ් කට උල් කරන්ම මියුන් දිහාම බලන් ඉදියේ මියුන් ආයෙම වයිසර් එක අප් කරලා ඒ පාර මොකද වගේ ගවීෂ් දිහා බලද්දි... අන්න එහෙම වරෙන්.....

" ඕක හුරුත් නෑනේ ... මැරෙනවා නන් අර බංගලාව මට ලියලා දාපන් දැන්ම..... හාද ? " ගවීෂ් මියුන්ට කෑගැහුවේ ඇහැක් ගහලාම වයිසර් එක පහළට දාගෙන..... මියුන් ආයේ වයිසර් එක පහළට දාගත්තේ ගවීෂ්ට තම්බ්ස් අප් එකක් දීලා.... ඉස්සෙලම අරවින්ද් බයික් එක එතනම රේස් කළේ , ගවීෂ්නුත් ඊට වඩා හය්යෙන් එන්ජින් එක වෝම් අප් කරද්දි..... ඔහ්හ්හ් කෝමද සද්දේ...... අරවින්ද් , ගවීෂ් දෙන්නම මේ වටපිටාවේ ශබ්ද , වායු දූෂණේට උපරිමෙන් දායක වෙන්නේ තරගෙට වගේ.... හෙල්මට් එක්ක උන්‍ටම ඇහෙන්නෙ නෑ උන් දෙන්නා එතන කොච්චර සද්දයක් දානවද කියල.....

- Plot 23 -Where stories live. Discover now