- 116 -

14.2K 1.4K 748
                                    

සමහර විට එයා බලාපොරොත්තු වුන තැනින් හාත්පසින්ම වෙනස් පරිසරයක ගවීෂ් ඇස් දෙක ඇරියේ සෑහෙන බර ගතියකින්... පාළු , අදුරු , වාතාශ්‍රය අඩු බිං ගෙයක් වෙනුවට දීප්තිමත් විලක්කු  එළියකට සමගාමීව , මිමිණිලි ගණනාවකුත්  ගවීෂ්ගේ කන හරහා ගියේ වේගේන් ආපු හුළගත් එක්ක.... ඒත් එ සැනසිලිදායක හැගීම තියෙන්න ඇත්තේ උපරිම තත්පර කිහිපයයි.... ගවීෂ් එහෙමම අනිත් පැත්තට පෙරළුනේ ඇගේ තිබ්බ අන්තිම හය්යත් දාලා ඔක්කාර කරන අතරෙ.... ඔක්කාර කරලා විතරක් නැවතුනා නම් බැරිය, බඩ කැලතෙන හැගිමකුත් එක්ක ඇගේ තිබ්බ අන්තිම වතුර පොදත් ඇගෙන් අයින් වෙනවා ගවීෂ් බලාගෙන ඉදියේ හැගීම් විරහිතව..

" හරි හරි... හෙමින්... දාපන්... රායිට්...ඔක්කොම දාපන් හොද කොල්ල වගේ...... " එයාගේ පිටට මෘදුව තට්ටු කළේ ක්‍රිෂ්.... ගවීෂ් වැරදි නැත්තන් , එයාගේ අතට තද උන වතුර බෝතලේ දුන්නේ අරවින්ද්... එයා අනිත් අය අතරත් නොසන්සුන්තාවයක් ඇති කළ බව තේරුනත් ගවීෂ් ආයෙත් එහෙමම හාන්සි උනේ වමනේ පිට කරන්න ඇගේ සම්පූර්ණ ශක්තියම වගේ වැය වෙලා තිබ්බ නිසා...... ගුහාවේ අදුර මකපු මද එළියෙන් එයාට බොද වෙලා පෙනුනේ එයාගේ ඔළුවට අත තියලා බලපු අරවින්ද්.... ක්‍රිෂ් ඒත් එක්ක මොනවහරි මුමුණනවායි , අරවින්ද් එයාගෙ තොල් අතරට සැර බෙහෙත් ගුලියක් තිබ්බ විදියත් ගවීෂ්ට බොද රූප වගේ මතකයි... ඊට පස්සේ ඔළුවට දැනුනු සීතල ගතියට ගවීෂ් ඇස් පියාගත්තේ ආයේ උගුරට එන ගතිය පාලනය කරගෙන...

ඉතින් ආයෙමත් දිග නින්දකින් ඇහරෙද්දි නම් ගවීෂ් ඉදියේ සෑහෙන තරමක්  පියවි සිහියකින්.... ටික වෙලාවක් ඉදලාම තෝන්දු මාන්දු ගතියත් , උගුරට එන ගතියත් නෑ කියලා තහවුරු කරගත්ත කොල්ලා නළල පොඩි කලේ ඒ සැරේ නම් එයගේ එහා පැත්තේ ඉදියේ සනෝශ් කියලා අදුරගෙන... මොකද කලින් ඉතිරි වෙලා තිබ්බ ඇපැහැදිලි වේගවත් සිදුවීම්වල මතකය මැද්දේ ක්‍රිෂ් අක්කා සනෝශ්ට තුවාල උන විදිය ගැන කිව්වා ගවීෂ්ට මතකයි .... කොල්ලාගේ අතක් සම්පුර්ණයෙන්ම බැන්ඩේජ් කරලා බෙල්ලේ එල්ලගෙන... ඒ මදිවට, නළල හතරෙන් එකක් වැහෙන්න , බෙහෙත් දාපු ලොකු තුවාලයක්... ගවීෂ් අනුමාන කරන විදියට පැල්මක්....

- Plot 23 -Where stories live. Discover now