- 117 -

18.7K 1.4K 1.1K
                                    

බ්‍රින්දව් කන්දේ දිය ඇල්ලට එපිටින් හැංගුන ගුහාව කොච්චර නිශ්ශබ්ද තැනක් වෙන්න ඕන උනත් , විලක්කු පත්තු කරලා තරමක කලබලයක් එතන නිර්මාණය වෙලා තියෙන බව අරවින්ද්ට මේ හරියේ ඉදන්ම කියන්න පුළුවන් ... එයා හේෂාර්යවයි නිනේලිවයි උස්සලා ගලෙන් උඩට ගත්තේ ඒ කල්පනාවෙන්මයි.. එහෙමම නිශා අක්කවත් පරිස්සමට උස්සලා ගත්ත අරවින්ද් ආයේ උඩහින් පේන කන්ද දිහාවට අවධානේ යොමු කළේ කලබලකාරි ගතියකින්... ප්‍රශ්නයක් නැතුව ඇති.... ගවීෂ් , ඩියෝන් දෙන්නම ඉන්නවනෙ.... !! අරවින්ද්ගේ යටිහිත ආයෙත් එයාව සන්සුන් කරනවා.....

" මොකක් හරි කලබලයක් වගෙ... " සනෝශ්නුත් ඈත තියාම මිමිණුවේ , මෙවීනාත් උඩහා බලලා නළල රැලි කරද්දි...

" හ්ම්. ඉක්මන් කරමු බලන්න.. " අරවින්ද් මිමිණුවේ කිසිම කලබලයක් නැතුව කෙල්ලො ටික ඉස්සර කරගන්න ගමන්... කොහොමටවත් ලේසි උනේ නැහැ , මෙයාලව මේ කලබල අස්සේ මැන්ශන් එකෙන් එළියට ගන්න එක... කොටින්ම කලබලේ වෙලාවේ එළියේ ඉදපු නිසාම අරවින්ද්ට පවා ලේසියට ආශාක්‍යසිංහ මැන්ශන් එකට ඇතුළු වෙන්න පුළුවන්කමක් තිබ්බෙ නැහැ... මොකද සැකය දැනටම අරවින්ද්ගේ දිහාවටත් එල්ල වෙලා ඉවරයි.... මෙවීනාත් එළියේ නොහිටියා නම් සනෝශ්ටයි අරවින්ද්ටයි තනියම නම් කෙල්ලො ටික එළියට ගන්න බැරි වෙන්න තිබ්බා....

" මේහ්...... " 

කල්පනාවෙන්ම පහුවුන අරවින්ද් ඒ  ගැස්සුනෙ මෙවීනාගේ කටහඩට...  මෙවීනා දිහා හැරිලා බලපු අරවින්ද් ,  එහෙමම් ආයේ බැලුවේ ඉස්සරහ.... සනෝශ්ලා ඉන්නෙ එයාලට සැලකිය යුතු තරමක් ඉස්සරහින්.... වෙන විදියකින් කියනවා නම් එයයි මෙවීනායි ගොඩක් පරක්කුයි.... මෙවීනාව නොදැක්ක ගානට එතනට දුවාගන්න බැරිකමට අරවින්ද් මෙවීනා අතට දීපු ලේන්සුව දිහා බැලුවේ අවිනිශ්චිත ගතියෙන්.... මෙවීනා කොහොමටවත් කෙලින් බැලුවේ නැ, ඒත් ඊට හපන් විදියට අරවින්ද්නුත් බලන් ඉන්නේ අදාළම නැති අහස දිහා.... හරියටම බැලුවොත් සැලකිය යුතු තරම් ගොඩ කාලෙකින් ඒ දෙන්නා අතර කිසිම වචනයක් හුවමාරු වෙලා නැ... ඒත් වෙනදා වගේ අරවින්ද් ගොඩක් මහන්සි උනෙත් නෑ ඒ නිශ්ශබ්දතාවේ බිදින්න... එයා වෙලාවට ගත වෙන්න දීලා මෙවීනාට එපිටින් අහස දිහා බලන් ඉදියේ මූණට වේගෙන් වදින හුළග නිසා දැනෙන සැනසීමෙන්... කොහොමටත් ඈතින් ඉර එළියක සේයාවක් එක්ක අහස පාට වීගෙන එනවා අරවින්ද්ට පේනව.... ඒත් එය සාක්කුවට අත් දෙක දාගෙනම බලන් ඉදියේ කියන්නේ මොනවද කියලා තෝරගන්න බැරුව..... තත්පරෙන් තත්පරේ කාලය ගෙවෙද්දි එතන නිකන්ම ඇති වෙන්නේ නොසන්සුන්තාවයක් .....

- Plot 23 -Where stories live. Discover now