" බර්ඩ්‍රොමිඩා !! මියුන් !! තවුසේ හරීම !! නරකයි !! "
ගවීෂ් මේ උදේ පාන්දර දෙස් දෙවොල් තියන්නේ , එයාට කියන්නැතුව ඇදෙන් බැහපු බර්ඩ්‍රොමිඩා කොල්ලට... අහුවෙයිනේ කොයි වෙලාවක ඕකවත් මට... එතකොට බහින හැටි තමා බලන් ඉන්නේ මාත්.. ගවීෂ් මූණ නරක් කරන් බලන් ඉදියේ නාලා ඉවර වෙල කොණ්ඩෙත් හොදට පිහිදදා කාමරේට ආපු මියුන් දිහා.... ගවීෂ් බලන් ඉදිය විදිය නිසාම මියුන් නැවතුනේ කෝකටත් මීටරේ පරතරේ තියාගෙන... ඔළුව පිහිදාන එක පැත්තකින් තිබ්බ මියුන් ශේප් එකේ හිනාවක් දැම්මේ ගවීෂ්ගේ පුපුරන්න ආසන්න මූණ දිහා බලන්...
" මගෙ තිමෞර්ය , නැගිට්ටද ඉතින් ? "
" මගේ තිමෞර්ය තොගෙ &#-&## !! " ගවීෂ් ගිනි පිම්බේ මියුන් අවුල මොකක්ද කියලා ප්‍රොසෙස් කරගන්න බැරුව ඇස් පිය ගහද්දි.... එක සැරේ ඩෝං ගිහින්... එහෙමම යන්තන් හිනාවෙලා ආයේ ඇද උඩට නැගපු මියුන් ගවීෂ්ගේ ඇගට උඩින් අතකුත් දාගත්ත්තේ සාමදූත මෝඩ් එකෙන්....
" එහාට පලයන්...!! " ගවීෂ් දෙවෙනි සැරේටත් ගිගිරුවේ මියුන්ව එහාට තල්ලු කරලා.... ආයෙ කන්ෆර්ම්... ඇල්ලුවත් ඩෝං ගාලා පිපිරෙනවා.... ගවීෂ්ව එහෙමම ළගට ඇදලා ගත්ත මියුන් තෙත කොණ්ඩේ කම්මුලේ ඕන කමින්ම ගෑවෙන විදියට ගවීෂ් බෙල්ල අස්සේ මූණ ඔබාගත්තේ පොඩි එකෙක් ගානට....ඒත් ගවීෂ් ආයේ මියුන්ව එහාට තල්ලු කළේ ඒ පරක්කුවට.....
" තිමෞර්ය ? "
" .................."
" ඇයි මේ තරහා ගිහින් ? "
"..................."
" තිමෞර්ය ........." මියුන් ආයේ කිව්වේ කොට්ටේ අස්සේ මූණ ඔබන් ඉන්න කොල්ලව එයාගේ පැත්තට හරවගන්න අතරේ.... තියෙන මුරණ්ඩුකමට ආයේ කොට්ටේ අස්සටම මූණ ඔබාගත්ත හැටි !!... ඒ මුරණ්ඩුකම මට්ටු කරන්න ලේසි නැති බව දන්න නිසාම මියුන් කොල්ලගේ ඔළුව අතගෑවේ ගවීෂ් එ සැරේ මියුන්ගේ අතත් ඔළුවෙන් එහාට කරද්දි....
" මොකද කියන්නකො මේ ? "
" මටෝන්නෑ තමුසෙව...."
" තිමෞර්ය ...."
"උබට නං මොකද !! කිසි ගාණක් නෑනේ... "
" ම් ? "
" මට තමුසෙව ඇති වෙලා ඉන්නේ ම්හ්...... " ගවීෂ් ආයේ නහයෙන් කැගැහුවේ ඉණෙන් පහල තිබ්බ බ්ලැන්කට් එක යන්තන් උඩට ඇදල අරන්....ඒත් මියුන් බ්ලැන්කට් එක එහාටත් තල්ලු කරලා ආයේ ගවීෂ්ගේ දාඩියට ඇලෙන ඇග උඩින්ම අතත් දාගත්තේ හොදට හරි බරි ගැහිලා ඇස් පියාගෙන...
YOU ARE READING
- Plot 23 -
Fantasyගවීෂ් තිමෞර්ය වේඝර්ණාරච්චි , ලෝකයෙන් සැගව ගිය ධනවත් බල පරම්පරාවක මීළග තරුණ උරුමයයි .. සරල වදනින් , අමු කාළකණ්ණියෙකු හා ටොප් ක්ලාස් පැණියෙකු ලෙස ගවීෂ් තම උපරිම වගකීම් ඉටු කරන්නේ රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක කරගනිමිනි.. අහ් ! කොයි පොරත් කොරවෙන ඒ සු...