- 63 -

11K 1.3K 219
                                    

වේඝර්ණ මැන්ශන් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදුරු මාළිගාවක් උනේ ඒකෙ බේස්මන්ට් එකේ තිබුන අදුරු කාමර නිසාමයි.... මැන්ශන් එකේ ආර්ය වේඝර්ණාරච්චි නම් රැදෙන්න ආසම තැන තමයි මේ බේස්මන්ට් එක...  මැන්ශන් එකේ ප්‍රධාන දොරෙන් ඇතුළු වෙන ඕනෙම කෙනෙක්ට ඇස්වලට මුණ ගැහෙන පළවෙනි දේ අග්‍රගන්‍ය ගෘහ භාණ්ඩවලින් පිරිලා සංකීර්ණ වෙලා තිබුන විසිත්ත ශාලාව... විසිත්ත ශාලාවෙන් දකුණු පැත්තට වෙන්න තියෙන කොරිඩෝව අවසන් වෙන්නෙ නිතරම පාහේ එයාලාගෙ බැන්ක්වෙට්ස් තිබුන ලොකු කෑම කාමරයෙන් හා මුළුතැන්ගෙයින්... විසිත්ත ශාලාවෙ මැද්දෙන් පටන් අරන් දැවමය අත් වැටක් එක්ක පිළිවෙලින් වම් හා දකුණු පැතිවලට බෙදිලා යන පඩිපෙළ් උඩම තට්ටුවේ කුළුන වෙනකන්ම විහිදිලා තිබුනා....

සීයාගේ හදිසි කැදවීම නිසාම ගවීෂ් බේස්මන්ට් එකට බැස්සේ තරමක දෙගිඩියාවෙන්.... තනි සුදු අත් දිග කමිසය කළු කලිසමට යට කරපු නිසාම එයාට ලැබිල තිබුන සරල ඒත් වැදගත් පෙනුම නිසාම මිනිහා තියන අඩිත් ටිකක් විතර බරයි.... ඕනවට එපාවට අදින සාමාන්‍ය ඇදුම් වගේ නෙවේ, මේ ඇදුමට කවදාවත් නැතුව එයාගෙ උසත් ඉස්මතුවෙලා පේනවා කියල ගවීෂ්ට දැනෙනවා..... පරණ පෙනුමින් ගවිෂ් අයින් නොකරපු එකම දේ වම් අතේ බැදල තිබ්බ, සුදු මාමා එයාට අරන් දීපු කලු ව්‍රිස්ට් වොච් එකයි, දබර ඇගිල්ලේ තිබුන වේඝර්ණ පේරැස් මුද්දයි විතරයි.... ඒ ඇරුනම රස්තියාදුකාර ගතිය ගෑව්ලාවත් නැති කොල්ලා බේස්මන්ට් ඔෆිස් එකට යන්න කලින් අත් දෙකම සාක්කුවට ඔබා ගත්තේ සන්සුන් විදියට....

" ගවීෂ්... "

සීයා එක්ක හිනා වෙන්න අමාරුවෙන් හිනාවක් මවාගත්ත ගවීෂ් සුපුරුදු විදියට යන්තමින් ඔලුව පහත් කරල සීයාට ආචාර කලේ ආර්ය වේඝර්ණාරච්චි ඉදගෙන ඉදපු සෝෆා එක ඉස්සහ කෙලින් හිටගෙන.... සීයාගෙ එහා පැත්තේ ඉදපු අනිත් දැකල පුරුදු කෙනා දිහා ගවීෂ් හැරෙන්නෙ නැතුව ඇස් අයිනෙන් විතරක් බැලුවේ එයා නැගිටලා ගවිෂ්ට යන්තමින් ඔලුව නවලා වාඩි වෙද්දි....ඔව් , වේඝර්ණ උරුමය විදියට ගවීෂ් දෙවෙනි වෙන්නෙ ආර්ය වේඝර්ණාරච්චිටත්, ප්‍රධාන පෙළ දෙවෙනි පරම්පරාවටත් විතරයි ....

- Plot 23 -Where stories live. Discover now