- 20 -

6.8K 975 79
                                    

' ආව්... ආව්... රිදෙනවා... පරණ ඇරියස් කවර් කරනවානේ ඔයත්..... '' ගවීෂ් නහයෙන් ඇඩුවේ යුවනිදුත් කේන්තියටම නිල් පාට වෙලා තිබ්බ ගවීෂ්ගේ කම්මුලේ බාම් එක තවත් තදින් අතුල්ලද්දි.. මේ මිනිහාගේ නහයෙයි කටෙයි බාම් ගෑවත් මදි... සේරටම වඩා යුවනිදුට කේන්තිය , ඊයේ අච්චර කැම මේසෙන් වාඩිවෙලා නිදහසේ කැම එකත් කාලා , පුඩිං එක කන්න බෙදාගන්න කං මෙතන වුන දේවල්වල එක දශමයක් එයා දැනගෙන ඉදපු නැති එක.. කේන්තියටම මිනිහාගේ චබී කම්මුල් දෙක තව පිම්බිලා..

'' මොකට ද දැන් බීච් ආවේ ? '' ගවීෂ් ඇහුවේ මේ වෙලාවට පොඩ්ඩක්වත් නිස්කලංක නැති බීච් එක දිහා බලාගෙන.. මුටත් මේ වෙලාවටම බිච් එන්න ඕන උනානේ... මේ වෙලාවට බීච් එක කියන්නේ උදේට නැගිට්ට ගමන් වයිෆ් වගේ කිව්වට වැරදි නැ.. කොච්චර වයිපරේ උනත් කුණු කෙළ , කොන්ඩේ කඩන් ඉදියාම එපා වෙනවා වගේ ඔළුව ගිනි අව්වේ , මිනිස්සු සේරම එහා මෙහා දුවන , වාහන හෝන් ඇහෙන අස්සේ , කපුටො රංචු පිටින් කාක් කාක් ගගා කුනු අහුලන වෙලාවේ.... ~  බීච් .... ~ යුවනිදුටම හරියනවා ඉතින්... ගවීෂ් හිතුවේ ගිනි රස්නෙට ඇස් රැළි කරන ගමන්...

'' දැන් අදම යනව ද ?  ..'' කලින් ප්‍රශ්නෙට උත්තරයක් නැති නිසා ගවීෂ් ආපහු ඇහුවා.. කලින් ඉදපු යුවනිදු කො ? මේ මොකා ද සිරාවට... කො යකො මුගේ අර කානු කට... හෙනම බොරින්ග්.. !!

'' මං ආයේ එවෙන එකක් නැ...  '' යුවනිදු කිව්වේ මුහුද දිහාම බලාගෙන... අඩො කියලාවත් කරගන්න බැ.... හහ් හහහා ... .ඉන්න මොකක් ?

'' මේක තියාගනින්.. ඕක දැන් උබේ කියලා හිතාගනින්කො..... '' යුවනිදු ගවීෂ්ගේ අතට දුන්නේ යතුර... කෙළවර කාමරේ යතුර... ඉස්සර ලොකු අත්තම්මා එයාලා තියාගෙන කතා කියපු තැන.. කට්ටිය එකතු වුන තැන.. ලොකු අත්තම්මා නැති වුනායින් පස්සේ මේ කාමරේ බෙදාගන්න ගවීෂ්නුයි යුවනිදුයි අතරේ ගියේ එසේ මෙසේ වලියක් නෙවේ... ඒවා මතක් වෙනකොට නිකන්ම හිනාත් යනවා.... බර ගානක් ගේම්ස් තියලා ඒවායින් කට්ට කාලා දින්න නිසා යුවනිදු අතට ගිය එකට හූල්ල හූල්ල ඉදපු යතුර... දැන් ගානක් නැතුවම දිලා දැම්ම ද ? !!!

'' මං හොද එකා නෙවේ.. උබත් දන්නවනේ.. ඒක නිසා නිකන් මූණ හදාගන්නැතුව ඉදහන්.. '' යුවනිදු කිව්වේ ගවීෂ්ගේ මූණ දිහා බලලා.. ඇත්ත යුවනිදු හොද එකා නෙවේ.. ගවීෂ්නුත් හොද එකා නෙවේ... උන් දෙන්නා තමයි කන තරමක් පවුලේ නම්බුව කැව දෙන්නා... අපරාදේ කියන්න බැ යුවනිදු ගියාට පස්සේ ඒ අඩුව පුරවන්න ඩියෝනුත් ලස්සනට ඒ පෙළටම එකතු වුනා... යුවනිදු රට ගිහින් එන එක වෙනයි.. ඒත් යන්නම යනවා කිව්වම ඉන්න කියලා කියන්නත් ගවීෂ්ට නොහිතෙනවම නෙවේ.. හය්යො විහිළු කරන්න චබී කම්මුල් දෙකක් නැතුව මොන ආතල් එකක්ද ජිවිතේ..... ඒත් මෙහෙට වඩා එයාට නිදහස තියෙයි ගොඩාක් !!.. ගවීෂ් කට පියාගත්තේම ඒක නිසා..

- Plot 23 -Where stories live. Discover now