- 92 -

5.7K 821 444
                                    

ඊයේ රෑ ...... කෙලින්න පුළුවන් පිස්සු සේරම ටික කෙළලා , මහ දවාල පහු වෙනකන් කොල්ලො ටික නම් කොටේජ් එකේ දොයි... මුන් එක්ක මොන ට්‍රැවලින්ද කියන්නකො ඉතින් ??

ඔව් ... හවස් වෙනකන් ඉදලා නැගිට්ටාට පස්සෙත් කොල්ලො සේරමලාගේ ඇස් ඉදිමිලා තියෙන විදිය කෙල්ලොන්ට නොපෙනෙනවා නෙවේ.... ටෙන්ට් එක ඇතුළේ , අන්තිම වෙනකොට මොන දේවල් කතා උනත් කිසිම විදියකින් , පරම්පරා ප්‍රශ්නේ ඇදලා නොගන්න අරවින්ද් වගේම ගවීෂ්නුත් පරිස්සම් උනා.... සමහර විට හැමදේම හිතන තරමින්ම හදන්න තව කල් යාවි....

හරි !! පරම්පරා ප්‍රශ්නේ පැත්තකින් තියමුකෝ.... අර සහෝදර ද්‍රෝහි ඩියෝන් මේ දෑසමන් මලේ නම්බුවට කෙලවපු විදිය ??? ආදීනව සලකා බැලුවොත් , උදේ ගුඩ්මෝනින් නැ ! ඊයේ රෑ ගුඩ්නයිට් තියා ඔළුවවත් උස්සල බැලුවේ නැ...!! හා හා ඒකත් හරි කියමුකො, කොහොමටත් මල පැන්නම මොකෙක් එක්කවත් කතා කරන්නේ නැති එකානේ.... මං කියන්නේ ඉතින්...... ඉතිහාසයේ යම් යම් දේවල් සිද්ධ උනා තමා.... එමයි කියල ඌව හම්බුනාට පස්සේ කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බැලුවද බැලුවද ? නෑනෙ.... එම එකේ ඒ පාහරයට වටිනවද මං අහන්නේ ඕම කරන්න....

දවල් කාලේට වළාකුළු නගරේ සීතල තරමක් අඩුයි... එහෙමයි කියලා සුවදායි බවේ වෙනසක් නැ.... ප්ලේස් එකේ ලස්සන හරියටම පේන්නෙ දැන්.... ඒක හරියටම බැලුවොත් ගෙල කපොල්ලක් මැද්දේ තිබ්බ සානුවක්.... එක් සමානව උඩට ඇදුන කදු මුදුන් දෙක මැද්දෑවට වෙන්න තිබ්බ ඒරියා එකෙන් පුදුම තරමින් හුළං ගලන් ආවේ හැම තිස්සෙම අලුත් හුස්ම විතරක්ම ඉතිරි කරලා... සමහර විට ඒ හුළග කෙලින්ම ගහගෙන ගිහින් වදිනවා ඇත්තේ කොනිකල් කන්දේ....

වේඝර්ණ කොටේජ් ගාඩ්න් එකේ වාශිත්ගේ බලකිරීමට බෝල සෙල්ලං කරන ඩියෝන්ට ඔරොවගෙනම , ගවිෂ් තැනිතලාව මැද්දෙන් තිබ්බ පාරට බැස්සේ කොහේ හරි ඇවිදිලා එන්නවත් හිතාගෙන... අරවින්ද්කාරය නම් පේන්නවත් නැ.... සනෝශ් තනෝශ් ක්‍රිෂ්ලා නම් ආශාක්‍යසිංහ කොටේජ් ගාඩ්න් එකේ පේන්න ඉදියත් අදාළ පුද්ගලයා එතනත් නෑ ඉතින්.... කොහේ අස්සකට වෙලා පාඩුවේ මලක පෙති ගලව ගලව හරි , පොතක් පෙරලගෙන හරි , තණකොළ බිස්සේ හාන්සි වෙලා අව්වට පිච්චි පිච්චි හරි ඇති ඉතින්.....

- Plot 23 -Where stories live. Discover now