- 38 -

7.4K 1K 102
                                    

සැහෙන්න පරක්කු වෙලා වගේ දුවගෙන ඇවිත් අරවින්ද් ගාවින් හිටගත්ත මියුන්ව දැක්ක නිසාම මෙතුල එහෙමම උඩින් එබුනේ එයාගේ සදාදරණීය ඥාති පුතා ෂුවර් එකටම ළග පාතක ඉන්න ඕන නිසා....

හරිනේ කිව්වත් හරියට..... ඔය එන්නේ ඔළුවත් කස කස....ඊට විනාඩි දහයකට විතර පස්සේ බිම බලාගෙනම කර්ව් එකේ වේඝර්ණලා ඉදපු පැත්තට ආපු ගවීෂ්නුත් දිහා බලපු මෙතුල ඔළුව දෙපැත්තට වැනුවේ ප්‍රශ්නේ විසදගෙන නෑ කියලා ඉවෙන් වගේ තේරුම් අරගෙන... දවල් හෙන අමාරුවෙන් බැන බැන අන්දගත්ත , ගවීෂ්ගේ ඇදුම් පවා හොදටම අවුල් වෙලා... මොනවා කරලා ද ඩබල එක්ක......

ගවීෂ් එයාගේ දිහා බලලා ආයේ අහක බලාගත්ත විදිය මෙතුල බලාගෙන.... අර මොකො අර ?  මග අරිනවා ද ? ඇයි ? මෙතුල හිතාගන්න බැරුව බැලුවේ එයා ඉදපු පැත්තට නැතුව අනිත් පැත්තට ඇවිදගෙන ගියපු ගවිෂ් දිහා.... හොට බිම ඇනගෙන සුවර් එකට..... පස්සේ අල්ලංගන්නංකො... දැනට මුකුත් කියන්නැතුව මෙතුල ආයේ ඩියෝන්ට කිය කිය ඉදපු වැඩේ ගැන විස්තර කළේ , සවින්දගෙත් උපදෙස් ඇතුව....

ඒ වෙනකොට , අවුරුදු විසි පහකින් පස්සේ යාදම් කවය සුද්ධ කරලා ඉවරයි.... වේඝර්ණ පැත්තට , තුන් වෙනි පරම්පරාවෙන් දැන් ඉතිරිවෙලා ඉන්නේ කොල්ලො දෙන්නා නිසාම , සුදු මාමයි , චූටි මාමයිත් මෙතන ඉන්න ලොකු දෙයක්... අනිත් අතට , සනෝශ් තනෝශ් , අරවින්ද් නෙවේ වේඝර්ණලා එක්ක වචනයක්වත් කතා කළේ....  දවල් වෙච්ච සිද්ධියත් එක්ක දෙගොල්ලො බුම්මන් ඉන්නවා මිසක් කිසිම සද්දයක් නෑ,. අනිත් අතට ගවීෂ් ආවාට පස්සේ , මෙච්චර වෙලා දෙපැත්තට පණිවිඩ හුවමාරු කරපු තනෝශ් පවා පැත්තකට උනේ රවන ගමන්.... සනොශ්ගේ අතට වෙච්ච තුවාලෙන් පස්සේ , තනෝශ්ට කෝමත් ගවීෂ් එක්ක තිබ්බේ එසේ මෙසේ ඇරියස් එකක් නෙවේ.....

අවුරුදු දහස් ගාණක සම්ප්‍රදායට අනුව , යාදම් කවය කියන්නේ එයාලා යාදම් ගිවිසුමෙන් බැදුන තැන... තාමත් නටබුන් අතරේ අවුරුදු විසි පහෙන් විසි පහට යාදම් උත්සවයත් එක්ක අලුත් වෙන යාදම් කවය හදන්න මැදිහත් වුනේ ඊළග අවුරුදු විසි පහ ඇතුළත ප්‍රධාන පවුල්වල පිරිමි පාර්ශවය විතරයි.... ගවීෂ්ට අනුව නම් ඒක පරම්පරාගත මේල් චෝවනිස්ට් අදහසක්.... යොවන්දි ඉදියා නං , ෆෙමිනිසම් ගැන කියවලාම ඔළුව කනවා.... හැබැයි ඇත්තටම යාදම් කවයේ යටි අරමුණ වුනේ ඊළග අවුරුදු විසි පහ ඇතුළත තමන්ගේ ප්‍රතිවිරුද්ධ පෙළපත ගැන අදහසක් ලබා ගැනිම කියලා කිව්වටත් වැරැද්දක් නෑ....

- Plot 23 -Where stories live. Discover now