එහෙම ඉඳලා එක පාරට ගැස්සිලා වගේ එයා මගෙන් ඇස් අයින් කරගෙන වෙන පැත්තක් බැලුවෙ මගෙන් අයින් වෙන්න ට්‍රයි කරන ගමන්.. හැබැයි එයාට අයින් වෙන්න නොදී මම ආයෙම කතා කරා..

" ඒයි ඔහොම ඉන්නව ටිකක්.. මං දිහා බලනවකො.."

දකුණු අතේ හිර වෙලා තිබ්බ ෆෝන් එක සාක්කුවට දාගෙන මම එයාගෙ කම්මුලකට අත තියලා මූණ මගෙ දිහාවට හරවගන්න ට්‍රයි කරා.. ඒත් ඒක ලේසි උනේ නෑ..

" මගෙ දිහා නොබලන්නෙ.. ඇයි බයද ?"

" මොකටද මං බය වෙන්නෙ ? "

මෙච්චර වෙලා ගොලු වෙලා තිබ්බ එයාගෙ කටට පණ ආවෙ දැන්.. ආයෙ මං දිහා බලාගෙනයි එයා එහෙම ඇහුවෙ...

" මට ආදරේ හිතෙයි කියලා.."

ඇහැක් ගහන ගමන් මං එහෙම කිව්වෙ එයාව තරහ ගස්සන්නමද ? ඇත්තටම මේව උත්තර නැති ප්‍රශ්න..

" විහිලු කරනවද..? ඔයාට ආදරේ කරන්න? මේ මම? "

" ඇයි මොකද්ද මගෙ තියෙන වැරැද්ද? "

ගොනෝ.. මොනවද උබ මේ කියවන විකාර.. මේ සෙල්ලම හොඳටම ඇති දැන්.. එහෙම හිත හිත ඉන්නකොට හසරැල් කතා කරන්න ගත්තා..

" තමුසෙ සල්ලි වලින් ඔලුව ඉදිමිච්ච , වැරැද්දක් උනාම ඒක පිලිගන්නවත් දන්නෙ නැති, අනිත් මිනිස්සුන්ගෙ හැඟීම් වලට වටිනාකමක්වත් දෙන්න දන්නෙ නැති අහංකාර මනුස්සයෙක්.. දන්නවද මට එහෙම අයව පෙන්නන්න බෑ.. "

මෙතනින් එහාට මං මොනාද කියන්නෙ? මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ.. ඒ එයාගෙ ඇස් වලට මාව පේන හැටි.එක අතකට ඒක සාධරණයි.. එදා වෙච්ච දේට මං තවම සමාව ගත්තෙවත් නෑ...

" කොහොමත් තමුසෙ වගේ කෙනෙක්ගෙන් ඕව බලාපොරොත්තු වෙන්නත් බෑනෙ.. තමන්ට වැඩිපුරම වටින දෙයක් නැති වෙන එකේ වේදනාව කොහොම එකක්ද කියලා තමුසෙනම් දන්නෙවත් නැතුව ඇති.. ශිට්.. මමත් තමුසෙ වගේ කෙනෙක්ට මේව මොකට කියනවද මන්දා..Let me go.. Just now! "

ඒ කියපු දේට එයාගෙ ඉන වටේ බැඳිලා තිබිච්ච මගෙ අත ඉබේම අත ඇරුනා..

එයා මගෙ දිහා බැලුවෙ පුදුම වෙලා වගේ.. මොකද මෙච්චර වෙලා එයාට යන්න නොදී තියාගත්තු මම එක පාර එයා කියපු ගමන් අත ඇරලා දාපු එකට පුදුම වෙන්න ඇති... හැබැයි එයා මං ගාවින් අයින් උනේ නෑ..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]حيث تعيش القصص. اكتشف الآن