Vote - 100
අන්තිමට ජන්කුක්ගෙ ඇස් දිහා බලාගෙනම ටේහියුන්ගෙ තොල් වලින් ආදරය ප්රකාශ වෙද්දි, කණ්ඩියෙ අන්තිම ගැට්ටෙ හිටිය ටේහියුන් පිටිපස්සට තල්ලු වෙලා ගියේ පිටි පස්සෙ හෙලට වැටෙන විදියට .
ඒත් එක්කම වගේ එතන දුවගෙන ආව ජන්කුක් ටේහියුන් එක්කම කණ්ඩියෙන් පල්ලෙහට පැන්නා. ටේහියුන්ව වැටුනෙ උඩු බැලි අතට, ඉතින් ටේහියුන්ට මුනින් අතට එයා එක්කම පැන්න ජන්කුක්ව දැක්කා.
ටේහියුන්ගෙ ඇස් වලින් කදුලු වැටුන. දුර දිග.හිතන්නෙ නැතුව පැන්නත්, ටේහියුන්ට දැන් බොඩි චකිතයක් තිබ්බා මේකෙන් වැටුනම එයාට මොනා වෙයිද කියල, ඒකයි ටේහියුන් හෙල දිහා නොබල පැන්නෙ, ඒත් දැන් ඔක්කොමත් හරි ටේහියුන් දැන් බය වෙලා ඉන්නෙ මේකෙන් පැනල එයාට මොනා උනත් ජන්කුක් පැන්න නිසා එයාට මොනා හරි වෙයි කියල.
ටේහියුන් වගේම ජන්කුක් දෙන්න වැටුනෙ වතුරට. මුලින්ම පැන්නෙ ටේහියුන් නිසා මුලින්ම වතුරට වැටුනෙ එයා. ටේහියුන් ගැබුරු වතුරෙ යටට යනකොට ඊට ටික වෙලාවකට පස්සෙ වැටුන ජන්කුක් වතුර යටදිම ඇස් ඇරල ලාවට පෙනුන ටේහියුන්ව ඇදගෙන වතුරෙන් උඩට ආව.
" හාහ්.....! "
වතුරෙන් උඩට ආපු ගමන්.ජන්කුක් ලොකු හුස්මක් ගත්තා. මූනෙ තිබුන වතුර ටික යන්න වගේ මූන දෙපැත්තට වැනුව ජන්කුක් , ටේහියුන්ගෙ ඉන වටේ එයාගෙ අත තද කරගෙන වතුරෙන් ගොඩට පීනන්න ගත්තෙ තමන්ගෙ වචන ගැන පසු තැවෙන ගමන්. ඒ කියපු වචන ටිකට මෙහෙම කරගන්න තරම් තමන්ට ටේහියුන් ආදරේ ඇති කියල හීනෙන්වත් හිතුවෙ නැ.
ලාවට වතුරෙන් උඩට ආපු ගමන් ජන්කුක් ටේහියුන්ව එයාගෙ අත් අතරට ගත්තා. ඉක්මනින් වතුරෙන් ගොඩට ආව ජන්කුක් ටේහියුන්ව බිම ගල් ගොඩේම පරිස්සමෙන් හාන්සි කලා.
" බේබි...හේයි...බේබි නැගිටින්න.."
ටේහියුන්ගෙ කම්මුල් වලට තට්ටු කරන ගමන් ජන්කුක් කතා කලත් ටේහියුන් නැගිට්ටෙ නෑ, ඒ නිසාම ජන්කුක් ටේහියුන්ගෙ තොල් අල්ලගෙන හුස්ම දෙන ගමන් , විටෙන් විටේ අත් දෙකෙන් ටේහියුන්ගෙ පපුව තද කරන්න ගත්තා.
KAMU SEDANG MEMBACA
ROUGH BOY AND TROUBLER || TK
Fiksi Penggemarනපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහොසත් අහංකාර ජන්කුක්ගෙයි,දුප්පත් අහින්සක ටේහියුන්ගෙයි යුනිවර්සිටි ගමනින් පටන් ගත් ආදර කතාව .... ආදර වදන් නොකිවුවට.., හිතෙන හිතෙන වෙලාවට බැන්නට...