< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >

149 34 2
                                    


ටේහියුන් ජන්කුක් දෙන්න හිටියෙ කාර් එකේ යන ගමන්.. ජන්කුක් කාර් එක ඩ්‍රයිව් කරද්දි ටේහියුන් සුපුරුදු ලෙස ජන්කුක් දිහා බලාගෙන හිටියා...එහෙන් දැන් ටේහියුන් ඉන්නෙ පට්ට සතුටෙන්... ඇයි ඉතින් සතුටු නැද්ද ජන්කුක් එයාව කවදාවත් නැතුව ගෙදර ගිහින් දාද්දි...

ටේහියුන් නැග්ග වෙලාවෙ ඉදන් තමන් දිහා බලාගෙන ඉන්නෙ කියල ජන්කුක් දැක්කා..ඉස්සරහ බලාගෙන ඩ්‍රයිව් කලාට ඇහැ කොනෙන් ජන්කුක්ට ටේහියුන්ව පෙනුනා.

කුකී....

ටික වෙලාවකින් වාහනේ තිබ්බ නිශ්ශබ්ද තාවය බිදල ටේහියුන් ජන්කුක්ට කතා කලා...

ම්ම්..?

ජන්කුක් ටේහියුන්ගෙ පැත්ත හැරුනෙ නෑ..

කුකීට ක්‍රශ් එකක් නැද්ද...?

මොකටද අහන්නෙ.!?

ටේහියුන් අහපු දේට ජන්කුක් එක පාරක් ටේහියුන් දිහා බලල ආයෙ ඉස්සරහ බලාගන්න ගමන් කතා කලා.. හැබැයි ජන්කුක්ගෙ වචනනම් හැමදාම වගේ කේන්තිය පිරුන ඒව... හේතුවක් නැතිව ජන්කුක් ඔහොම කරනකොට පිටට නොපෙන්නුව උනත් ටේහියුන්ට කොච්චර රිදෙනව ඇද්ද... ටේහියුන්ට දැන් ඕව පුරුදුයි... ඒත් වේදනාවක් ඒ හිතෙත් තිබ්බා... හැබැයි ඒ වේදනාව පිටට පෙන්නන්නෙ නැතුව හංගගෙන තනියෙන් අඩන්නත් ටේහියුන් ගොඩක් දක්ශයි...

අනියෝ...නිකම් ඉතින් ඇහුවෙ..කියන්නකො හලෝ...ඉන්නවද..?

ඔව් !?

වෝහ්..කව්ද අනේ ඒ..?

තමුසෙට මොකටද ඒක..!?

නිකන් වදේ... කියන්නකො..කව්ද ඒ..

IU..

ටේහියුන් හිනා උනා... එයා වෙන මොනා කරන්නද..? අවුරුදු ගානක් ටේහියුන් ජන්කුක් වෙනුවෙන් බලන් හිටියා... එහෙම තියෙද්දිත් ජන්කුක් හිතින් කැමති..ජන්කුක්ගෙ ක්‍රශ් එක ගෑනු ලමයෙක් කියල දැන ගත්තම ටේහියුන්ට මාර සතුටු ඇති...නේද..?

හ්ම්...

හීන් මිමිනිල්ලක් එක්ක ටේහියුන් ජන්කුක් දිහෑන් එයාගෙ ඇස් අරන් ශටර් එකෙන් එලිය බලාගත්තා... තමන් කියපු එක අහල ටේහියුන් වෙනස් උනා කියල ජන්කුක්ට තේරුනා..ටේහියුන් දිහාවට ඔලුව හරවල බැලුවම ටේහියුන් ශටර් එකට ඔලුව තියන් එලිය පැත්තට මූන හරවන් ඉන්නව දැක්ක නිසා ජන්කුක් හිතුව ටේහියුන් නිදි ඇති කියල...

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now