|| Chapter 40 ||

1.1K 198 15
                                    


Vote -110

" කවුද මිනිහො උබ ..ආ...!!! "

ජන්කුක් ඇහුවෙ එයාගෙ සැර පහර නිසා බිම වැටිල ඉන්න කලින් යකඩ පොල්ලක් අරන් ආව මනුස්සයගෙන්..

මම කිවුවේ, ජන්කුක් ඉස්සරහ බලාගෙන යනව වගේම මොකක්දෝ අමුත්තක් දැනුන නිසා පිටිපස්ස හැරිල.බලන්න හිතුනත් ජන්කුක් හැරෙන්න කලින් එයාගෙ ඇස් වලට අහු උනේ ටේහියුන්ගෙ කරාබුව.

ජන්කුක් ඒක දිහා තියිනු ඇස් වලින් බලන් හිටියෙ මොකුත් නිසා නෙවෙයි, එයාලගෙ පිටිපස්සෙන් ආපු මිනිහව,.ජන්කුක්ට කරාබුව හරහා පෙනුන නිසා. කලබල වෙලා කරදර දාගන්න ඕනි නෑයි කියල හිතුව ජන්කුක් අර මිනිහ එයාට ගහන්න යකඩ පොල්ල උස්සනවත් එක්කම, පිටිපස්සෙ කකුල උඩට උස්සල පයින් පාරක් අර මිනිහගෙ පපුවට ගැහුවෙ ඒ මිනිහ විසික් වෙලා යද්දි..

" ක්-කුකී අනේ.."

බයටම ඇස් වල කදුලු පුරවන් ඉන්න ටේහියුන්ව බිමින් තිබ්බ ජන්කුක් ඊලගට බිම වැටිල හිටිය මිනිහ ලගට ගිහින් තඩි බාන්න පටන් ගත්තා.

" උබට කොහෙන් ආව හයියක්ද ආ..!!! කාලකන්නියා...මම අද තෝව මරනව.."

කේන්තිය පාලනේ කරගන්න බැරි උන ජන්කුක් එක දිගට ගහපු නිසා අර මිනිහ මේ වෙනකොටත් හිටියෙ ෆේන්ට් වෙලා. ටේහියුන් පැත්තකට වෙලා බලන් හිටියෙ හොදටම බයෙන්, ටේහියුන්ගෙ කකුල් පවා වෙවුලුව.

තව ටික වෙලාවක් ගියොත් ජන්කුක් අර මිනිහව මරනවයි කියල දැනගත්ත ටේහියුන් වෙවුලන කකුල් වලින් ජන්කුක් ලගට ගියා.

" ක්..කුකී....අ-නේ නවත්තන්නකෝ.."

තමන්ට පිටුපාල ඉදන් ගහන ජන්කුක්ගෙ උරහිසෙන් අත තිබ්බ ටේහියුන් කතා කලත්, ජන්කුක් ගහන එක නැවැත්තුවෙ නෑ.

" කුකී.."

ටේහියුන් ආයෙ කතා කලත් ජන්කුක් බැලුවෙ නැ. ජන්කුක්ගෙ කේන්තිය තාම නිවිල තිබුනෙ නැ.ටේහියුන් කරන්න දෙයක් නැති කමටම ගැහුවත් කමක් නෑ කියල හිතල ජන්කුක්ව ඇදල අරන් බදා ගත්තා.

" අ-අනේ මාව බ්..බය නොකර ස්-සන්සුන් වෙන්නකො මගෙ කූ..."

ටේහියුන් තදින්ම ජන්කුක්ව තුරුලු කරගන්න ගමන් ජන්කුක්ගෙ පිට හිමීට අතගෑවෙ සන්සුන් වෙන්න. මුලදි ජන්කුක් ආයෙත් අයින් වෙලා යන්න හැදුවත් ටේහියුන් තදින් කූඩැල්ලෙක් වගේ ඇලිල හිටපු නිසා යන්න බැරි උනා.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now