< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >

577 119 60
                                    


ආයෙත් වාහනේ මග නවත්තන්නෙ නැතුව ජිමින් කෙලින්ම ටේහියුන් එක්ක කිම් මැන්ශන් එකට ආවා..ඒ එන අතර මගවත් ටේහියුන් කිසිම කතාවක් නෑ..එයා කලේ ශටර් එකෙන් එලිය බලන් ලොකු කල්පනාවකට වැටුන එක.. ටේහියුන් ඉන්නෙ අවුලෙන් කියල දන්න නිසාම ජිමින් උනත් ටේහියුන් එක්ක කතා කලේ නෑ..

" ටේටේ...වොශ් එකක් දාගෙන එන්න..මම ඩිනර් රෙඩි කරන්නම්..."

මැන්ශන් එකට ගොඩ උන ගමන් ටේහියුන් කාමරේය යන්න ගියපු නිසා ජිමින් ඉක්මනට ටේහියුන්ට කතා කලා..

" එපා චිමී...බඩගිනි නෑ මට.."

" නෑ නෑ.. බඩගිනි නෑ කියල බැනෙ ටේටේ... වොශ් එකක් දාගෙන එන්න.."

" අනේ චිම්--"

" ඔයා නාවොත් මම කෑම උඩට අරන් එනව ටේටේ!"

ජිමින් එහෙම කියල ආයෙ ටේහියුන් කිසිම දෙයක් කියන්න කලින් ඉක්මනට කිචන් එක පැත්තට දිව්වා.. හිත රිදිල ඉන්න වෙලාවට ටේහියුන් කන එක ප්‍රතික්ශේප කරනවා.. හැබැයි ජිමින් ඉන්න වෙලාවටනම් ටේහියුන්ට කෑම කල් දාන්න වෙන්නෙ නෑ.. මොකද ජිමින් කොහොම හරි බල කරල ටේහියුන්ට කෑම ටික කවාගන්නව..

ජිමින්ට කියල වැඩක් නෑ කියල දන්න නිසාම ටේහියුන් ආයෙ හැරිල එයාගෙ කාමරේට ආවා.. ඇදුම් ටික ගලෝල ටවල් එකත් අරන් බාතෲම් එකට ගිය ටේහියුන් ඊලගට ගත්තෙ එයාගෙ සුපුරුදු බාණ්ඩෙ... බ්ලේඩ් එක!

ටබ් එකේ දාරෙ උඩින් ලාවට වාඩි වෙච්ච ටේහියුන් ඊලගට බ්ලේඩ් එකෙන් එයාගෙ අතේ ඇදුමට වැහෙන කොටසෙ ඉරි ඇදගෙන ගියේ, ගොඩක් පරන කැපුම් පාරවල් වගේම ,දවසක් දෙකක් පරන ඒවත් එක්ක පෑරිලා ලේ වැක් කෙරෙද්දි... පුරුද්දක් විදියට කරල දැන් නම් ටේහියුන්ට රිදෙන්නෙම නැති තරම්...

ටේහියුන් ඒ වෙලාවෙ වෙන කිසිම දෙයක් ගැන හිතුවෙ නෑ.. වටේ පිටේ පරිසරය අමතක කරල ටේහියුන් එයාගෙ අතෙන් වගේම කලවෙනුත් බිම සුදු පාට ටයිල් එක මතට වැටෙන ලේ බිංදු දුහා බලන් හිටියා.. ටේහියුන්ගෙ ඇස් වල ලාවට කදුලු බිංදු දෙක තුනක් තියෙනකොට, ටේහියුන් ලාවට හිනා වෙන ගමන් බිම බලාගත්තා..
ඒත් කාකෙද චායාවක් දැක්ක නිසා ටේහියුන් ඔලුව උස්සල දොර දිහා බැලුවා..

ROUGH BOY AND TROUBLER || TKHikayelerin yaşadığı yer. Şimdi keşfedin