🍁හැත්තෑපස් වන දිගහැරුම🍁

Start from the beginning
                                    

මන් ලොකු හුස්මක් පිට කළා....එයාගෙ හිනාව දිහා බලන් ඉද්දි මට දැනෙන්ව මගේ පපුව පිච්චිලා යනව වගේ.... නැහැ....ඒ එයාගෙ හිනාව නිසා නෙමෙයි....ඒ හිනාවෙ අයිතිකාරයා එයා නිසා.....

මට ලොකු අපහසු හැගීමක් දැනුනා....දරාගෙන කාගෙන ඉදල ඇති වෙලා වගේ...... මට මමම පව් කියල දැනෙන්න අරගත්තා...... ඇස් කෙවෙනි දිගේ කදුලක් බෙරිලා ගියා......එයා කළේ පොඩි දෙයයි....මාව දාලා කන්න ගිය එක විතරයි .....ඒත් ඒක මට මහා ලොකු ප්‍රතික්ෂේපවීමක් විදියට දැනුනා....

අදට නතර කරල දවස් දහයක් වෙනව...... එයා අද දවස වෙනකොට වත් ඉන්නෙ අඩුම එයාගෙ වැරැද්ද පිලිගන්න පුලුවන් මට්ටමක නෙමෙයි..... එයාට මාව ඕනෙ..ඒක මන් ඒ ඇස්වලින් දකිනව....ඒත් එයා තාම කැමති නෑ එයත් වැරදි කියල පිළිගන්න.....

ඒ ඇරත් එයා සම්බන්ධෙ නැවැත්තුවෙ සදටහටමද නැද්ද කියල මන් දන්නැනෙ....

මන් ලොකු හුස්මක් අරන් කම්මුල් තෙම්මපු කදුළු බිංදු පිහිදගත්තා....

මන් ආයෙ ගෙට යන්න හදද්දිම මන් දැක්කෙ එයා කාර්ති මාමා එක්ක හිනාවෙවීම බත් කටවල් කිහිපයක් අනල මුවට දාගන්න හදනව......

මන් ඉක්මනට දුවන් ගියේ එයා ළගට......

මන් එයාගෙ අත අල්ලගත්තෙ කාර්ති මාමත් මන් දිහා පුදුමෙන් බලද්දි.....

මන් එහෙන්මම එයාගෙ අතේ මැණික් කටුවෙන් අල්ලන් පිගානට එබුනා....

" මොනාද ඔය බෙදාගෙන තීන්නෙ....ඕක නිසා තමයි මන් එනකන් ඉන්න කිව්වෙ..... මේවා කජුදාලා හදන්නෙ.....අනික මේ සී ෆුඩ් දාලා හදන කෑමක්...... prawns ගෙනාවා මන් දැක්කා....."

මන් කිව්වම එයාගෙ ඇස් ලොකු උනා....

මන් එයාගෙ අතින් පිගාන උදුරගත්තා...

කියවන්න විතරයි දන්නෙ.....

එයා ඉදුල් අත පිටින් බලන් ඉද්දි මන් පිගාන අරන් ඇවිත් පැත්තකින් තියල අලුත් පිගානකට බතුයි ව්‍යාංජනයි එයාට කන්න පුලුවන් කෑම ජාතියි බෙදුවා.... එයාට සී ෆුඩ් වැඩි පැත්ත ඇලජික් ඉතිං ....ඉස්සො කන්න බෑ පළු දානව...බල මාලු කන්න බෑ දිව පුපුරනව.... මලෙන් උපන් සලඹයා.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now