𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟥𝟦

1.3K 171 152
                                    





කලින් දවසේ ජන්කුක් ටේහ්‍යුන් මැන්ෂන් එකෙන් ගියේ සොහි එක්කත් කතා කරලා..

ජියොන් මැන්ෂන් එකට ගිය ජන්කුක්ට දකින්න ලැබුනේ ඔෆිස් එකට ගිහින් හිටියායි කියපු ජියොන් වගේම නම්ජින් කපල් එක සාලේ වාඩි වෙලා ඉන්නවා..

ජියොන්ගෙන් නම් ජන්කුක් ආපහු ආවත් මේච්චර කල් පවුලෙන් ඇත්වෙලා හිටිය හේතුව නිසා හම්බවුනේ එච්චර හොද ප්‍රතිචාරයක් නොවුනත් පස්සේ ජන්කුක් ලොකු කම්පැනි එකක ඔනර් කෙනෙක් වගේම එයාට යන්න පුලුවන් හොදම උපරිම තැනට ගිහින් කියලා දැනගත්තාම පිටට තට්ටුවක් දාලා බදාගත්තේ ආඩම්බරයෙන් නම්ජුන්ගේ හැසිරිමත් එ හා සමාන වුනා එත් ජින් ගේ හැසිරිම හාත්පසින් වෙනස් වුනා.. ජන්කුක්ව දැක්කම ගමන් ජින් මුලින්ම දුවන් ගියේ කිචන් එකට ඔව් ආයේ අලුතින් කියන්න දෙයක් නැහැ එයාගේ පැන් එක ගන්න තමා තඩි පැන් එකකුත් උස්සන් ජින් ආවේ නම්ජුන් අල්ල ගත්තේ නැත්නම් පව් ටේහ්‍යුන්ට ජන්කුක් වෙනුවෙන් අලුත් පුපක් ගෙන්න වෙනවා...






අනිත් දවස් වගේ නෙමේ ටේහ්‍යුන් අද නැගිට්ටේ පුදුම සතුටකින් වගේම උද්යෝගයකින්.. නැගිටලා ඇදෙන් වාඩි වුන ටේහ්‍යුන් පුරුද්දට වගේ ෆොන් එක බැලුවා...

සෙව් නැති නම්බර් එකකින් මේසෙජ් එකක්.. එත් එ නම්බර් එක ටේහ්‍යුන්ට මතකයි මිට අවුරුදු පහකට කලින් ටේහ්‍යුන් එක්සැම් ලියන්න පාඩම් කරන දවස්වල ගෙදරටම ⁣වෙලා ඉද්දි ආපු අන් නොවු කොල් එක..

එත් එක්කම ටේහ්‍යුන්ගේ මුහුනේ ලස්සන හිනාවක් ඇදුනේ එ නම්බර් එකෙන් ඇවිත් තිබ්බ මේසෙජ් එකට...

' ගුඩ් මොර්නින් මයි බේබි.. බේබි නැගිට්ටා නම් ගාර්ඩ්න් එකට එන්න '

ටේහ්‍යුන් මැසෙජ් එක කියවලා ඉවර වෙනවත් එක්කම් පොන් එක ඇදට විසික් කරලා දුවන් ගියේ බැල්කනි එකේ දොර ලගට.. ගිහින් කර්ටන් එක චුට්ටක් ඇත් කරලා බිත්තියටම ඇලවෙලා හොරෙන් ජනේලෙන් එහා පැත්ත ඔලුව දාලා බැලුවා.. එත් එක්කම ටේහ්‍යුන්ගේ මුහුනේ තිබ්බ හිනාව තව වැඩි වුනා... එහෙම්ම හොද හුස්මක් අරන් සැහැල්ලු වෙච්ච ටේහ්‍යුන් හිනාව මුහුනෙන් අයින් කරන් කිසි දෙයක් නොවුන ගානට කර්ටන් ඇත් කරලා බැල්කනි ඩොර් වින්ඩො එක ඇ⁣රගෙන බැල්කනි එකට ගිහින් අත් උස්සලා පොඩි එක්සයිස් පාරක් දැම්මා...

𝗙𝗥𝗢𝗠 𝗕𝗘𝗗 𝗧𝗢 𝗠𝗬 𝗛𝗘𝗔𝗥𝗧 ..💋 [✓ ✎] Where stories live. Discover now