අකේන්ලගෙ පංතියේ නසරාණි යාලුවො සෙට් එක නිල් වතුර ගහගෙන.. මහරගම ටවුම පුරාම දුවනවා. නිල් වතුර නොවැදි බෙරෙන්න හැමෝම කඩ අස්සෙ හැන්ගෙද්දි පූරා ඇදන් ඉදියේ සුදු ඇදුමක් නිසා කලබලේට වෙන්නැති පූරගේ පිටට නිල් පාරක් වැදිලා.. ඌ කිව්වෙම හිතලම කලා කියලා, එතන ඉදලා තියෙන්නෙත් චුටිලාමයි..
මම ඇහුවේ පුරගේ බැනුම් මැද්දෙමයි.."මොකද මෙතන වෙන්නෙ.."
"සමාවෙන්න අයියේ සචින්ට වැරදිලා මේ අයියට නිල් වතුර වැදිලා.."
"සමාවෙන්න.. මොනද හු#තො සමාවෙන්න කියන්නෙ.. තොපේ කන වෙලාද.."
"පූ..රා.."
පූර්ණ කලේ වැරැද්දක් නොවෙන්න පුලුවන්, තමන්ට උන අසාධාරනේට ඌ තරහට ගැහුවා වෙන්න පුලුවන්.. ඒත් ඌ අත ඉස්සුවේ මං ඉස්සරහා. මට ඒක බලන් ඉන්න බැරි කමට මම පූරව චූටි ලගින් අහකට තල්ලු කලා.. මම චුටිව ලං කර ගන්න හැදුවත් චුටි ඒ වෙද්දි චරිත් ලග හිටියා..
"මොනාද බං.. පොඩි උන්ට අත උස්සන්නේ.."
"අඩෝ මේ බලහන්.. අපි දන්නෑනේ එහෙම සීන් එකක්.. උස්සලම දෙනවා වගේ නේ.."
"ඔව් දෙනවා, මොකද්ද ප්‍රශ්නේ පූරා.."
"මාත් උබට දුන්නනේ, බැරිද මටත් මොකුත්.."
මට ආවේ පුදුම කේන්තියක්. මම පුරගේ බෙල්ලෙන් අල්ලගෙන ඉස්සරහට තල්ලු කරේ ඌට තව වචනයක් කතා කර ගන්න බැරි වෙන්න.. පුර ගිහින් බිම වැටුනේ කඩේ ලෑලි මේසෙකුත් පෙරලගෙනමයි.. චරිත් මාව ඇල්ලුවත් මට හිතුනේ පූරගේ බෙල්ල මිරිකන්න..
පූරාගෙ පස්සෙන් වැටිලා ඉදපු එකෙක් ආවේ නෑ ඌව බේර ගන්න.. හැමෝම මාව අල්ලගෙම විතරයි ඉදියේ.."අයියේ ඕක නවත්තන්න.. අපේ වරද අයියේ ප්ලීස් වදින්නම්.."
චුටි මං ඉස්සරහට දුවන් ඇවිත් අත් එකතු කරලා ඇස් වල කදුලු පුරවන් කතා කරද්දි මං ගල් ගැහුනා වගේ උනා..
මම තප්පරෙන් සිහියට ආවා.."පො#න වැඩ කියන්නේ මේ වට තමා යකෝ, එකට කලා රෙන පක්කු.. "
"අනේ පූරා මේ.."
පුරාගේ යාලුවො දෙතුන් දෙනෙක් පුරව ඇදගෙම ගියා. පුරා ගියේ සචින් දිහාත් අකේන් දිහාත් ඇස් ලොකු කරලා තරහා නිමුනේ නැති බව පෙන්නන ගමන් ගැලවුන බොත්තම් වෙනුවට ඇගිලි එකතු කරලා ෂර්ට් එක අල්ලගෙනමයි..
YOU ARE READING
ඔබ මගේ වෙලා 💞
Romance"හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ" මට මගේ කියලා අයිතියක් නැතුවත් ආදරය කරපු කොල්ලෙක් ගෙ ආදරණීය ඉරණම...