#විසිහතරවන_පිටුව 💞

545 75 1
                                    

චූටි ගෙ ඉස්සෙල්ලම කැම්පස් යන දවස..මම කලින් දවසෙත් ඔෆිස් ගියේ නෑ..චරිත් ඔෆිස් ඉවර වෙලා එහෙම්ම ආවෙ අපේ ගෙදර.. ඒ චරිත් මම ඉන්නැද්දි අපේ ගෙදර ආපු පළවෙනිම දවස..

"අඩේ චරියා උබ.."

"ම්.. අවා බලලා යන්න.."

"එල එල.."

"කෝ චූටි.."

"දැන් එනවත් ඇති බාගෙට. ක්ලාස් ගියා ආයේ යන්න වෙන්නෑ කියලා.."

"ඌ කම්මැලි නෑ නේ.. උබ වගේ..."

"ඔව් ඔව්, හෙට ඌටත් කැම්පස් පටන් ගන්නවනේ.."

"අප්පා එහෙමද.. එහෙනම් හොදයි ආව එක, කොල්ලට මොකුත් ගේන්න නම්.බැරි උනා.."

"මොන මගුලක් ගේන්නද...උබ ආව එකම ඌට ඇතිවෙයි, ම්.. ඉදහන් මම තේ ටිකක් හදන්න වතුර එකක් ගහල එන්නම්.."

"ම්.. හරි.."

මම ගානට මැනල වතුර කොප්ප දෙකකට පොඩ්ඩක් වැඩියෙන් දලා වතුර එක තිබ්බෙ ඉක්මනට උණු වෙන්න ඕනේ නිසා., චරිත් එක්ක කතා කරන කටහඩක් ඇහිලා මම ඇහුන්කම් දුන්නා... චූටි ඇවිත්, මම තව වතුර කෝප්පයක් තව දැන්මා.

"මොයා මොකද මේ කුස්සියට රිංගගෙන කරන්නෙ.."

"අපි තේ බොන්න හදන්නේ.."

"මම හදන්නද.."

"ඕන්නෑ.. ඔයා ඉන්න, ආව විතරනේ.."

"පුදුමයි.."

"ඇයි.. තේ එකක්වත් හදන් බොන්නැද්ද බං මල්ලි මේකා.."

"මොන පිස්සුද අයියේ, මෙයා, මෙයා හදයි තේ..."

චුටී හිනා වෙවී බැලුවේ මං දිහා.. මටනම් හිනාවක් ආවේ නෑ..

"මොකද රවන්නේ.. ඇත්තනේ කිව්වෙ.. පමණක් දාට කවන්නත් ඔනේ ඔෆිස් යද්දි.."

"අඩේ පොඩී...මොනාද බං මේ කියන්නේ.."

"බොරු බං..ඔය.."

අපි සතුටින් හිටියා.. මට මේ දැනුන සතුට චරියා ආපහු මං ගාවට ආව එකද..
මට දැනුන සතුට මම වින්දා මිසක් ඒ සතුටේ උපැන්න මම බලන්න ගියේ නෑ..
ටිකක් හවස් වෙලා චරිත් අපේ ගෙදරින් ගියාම ලොකු පාලුවක් දැනුනා..
මම ටීවී එක දා ගත්තේ පාලුව යන්න උනත් මම ඉදියේ අතීතෙ..

ඔබ මගේ වෙලා 💞حيث تعيش القصص. اكتشف الآن