#දසවන_පිටුව 💞

543 85 2
                                    

චරිත් ගියාම මම ගොඩාක් කල්පනා කලා. මම බිව්වෙ හිතේ අමාරුවට..
මට හෙතු කීපයක් තිබ්බා..

සිකුරාදා හවස අකේන්ව මම ඒ තරම් හොයලා බලද්දි උනත්.. මම ලගට ගන්න බලද්දි චූටි හිටියේ චරිත් ගාව..
මට ඒක ඒ හැටි සැකයක් හරි බයක් හරි වෙන්න දෙයක් නැති උනත්,මට මදි කමක වගේ දැනුනා. චුටි මට වඩා කෙයා කරෙන්නෙ චරිත්ටද.. හම්බුනාම උනත් චරිත් එක්ක විතරක් කතා කරන දේවල් පවා මට එකින් එක මතක් උනා ඒ වෙලාවෙ.. මාව ඒකට ඇතුලෙන් කලබල උනා කිව්වොත් හරි.. එක එක විකාර ඔලුවට ආවා තමයි.. ඒ එක හේතුවක්..

ඊයේ දවසෙ මුල්ම හෙතුව තමා
නෙහාන් කෝල් කරපු එක..
මොනා උනත් ඌට මගෙ අතින් වරදක් උනා.. ඌ මාත් එක්ක අඩියක් හරි ඉස්සරහට ආවා නම් ඒ මම හින්දා..
මම බෑ, එපා නොකියපු හිනදා..

ඒ වගේම චූටිට අම්මා යන්න කියලත් මගෙන් ඈත් වෙන්න හදපු එක.
චරිත් ඉන්න දවසක යමු කියපු එකත් හිත ඇතුටම දැනිලා අවුල් උන තව හේතුවක්..

අනිත් එක චූටිට ගහපු දවසෙ මට ඒක නවත්ත ගන්න බැරි උන එක වගේම ඊටත් වඩා මට මාව එපා කෙරෙව්වෙ පූරගේ ආශ්‍රේ නිසා ඌ මං ගැන චූටි ඉස්සරහා චරිත සහතික දෙදදි මට ඌව මරා ගන්න බැරි උන තරහා තිබ්බා..

ඒ වගේම ඊයේ මම බාර් එකේ ඉද්දි ඒ වෙලාවේ මම බෝඩිමේ ඉන්න බව කිව්වෙ චුටිට.. චරිත් කෝල් නොකරම ගියෙත් බොඩිමට, බොඩිමේ නැති මම බොනව කියලා හිතලා හරියටම දෙවනි පාරට ආවේ මම බොන බව දන්න නිසා.. චරිත්ට කලින් මේ දෙවල් හරියටම දන්නෙ චුටි. මම චුටිගෙන් කෝල් එනකම් බලන් ඉදියත් ආවේ නෑ.. ඒ චරිත් එක්ක කතා කරන නිසා වෙන්න ඇති.. ඇයි මට කතා කරන්න බැරි..

මම පුදුම විදිහට හිතින් වැටුනා..
කවදාවත් නොවුන විදිහට.. මාව ඒ තරම් අසරණ කරන්න චූටිට පුලුවන් උනා. චූටි මාව කෙයා නොකරන එක මට ලොකුවට දැනෙන්න ගත්තේ මේ එහෙම කල ජිවිතේ පලවෙනි එකා චූටිම විතරක් නිසා..

මම හැමදෙම කල්පනා කලා.. මට චූටිගෙන් තොර ලෝකයක් කල්පනාවට ආවෙම නෑ. මම හිත හදන් චරිත්ට කෝල කලා..

"චූටි කතා කලද.."

"අකේන්ද.."

"ඔව් බං.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now