#විසිනවවන_පිටුව 💞

652 65 4
                                    

නුවන් කමරෙන් එලියට ගියේ තේ හදන් එන්න කියලා. මම දොර ලගට ගිහින් නුවන් ගියාම ආපහු දොර වහලා දැන්මා. ඇත්තටම තෙත් වීගෙන එන ඇස් කාටවත් පෙන්නන්න ඕනෙ කමක් උනේ නෑ මට.. නුවන් ගියාම දොර වහලා පපුවට හෙත්තු කර ගත්ත පොත මම අපහු ඇඳ විට්ටමට හෙත්තු වෙලා උකුලට ගත්තා..
මගෙ හිත කෑ ගහලා කියන්න වගේ, චරිත් මට ආදරේ කලද.. ? ආදරේ කලානම් ඇයි නොකිව්වෙ..? කොතනද මට වැරදුනේ..? ඇයි ඌව මට නෙතෙරුනේ..? හිතට දැනුන ප්‍රශ්න එමටයි..
තවත් වරදකාරී හැගීම් ගොන්නක්...
මට හිතා ගන්න බැරි කමට, ඒ ගැන දැනගන්න හදිස්සියට.. මම පොතේ මැද්දට ඇඟිල්ල තියාගෙන් හිටපු නිසා නවත්තපු තැන හොයාගන්න ලෙසි උනා මට..
ඇතතටම මුලදි තරම් පස්සෙට වෙන්න වෙන්න චරිත් කිසි දෙයක් එක දිගට ලියලා තිබ්බෙ නෑ.. ලියලා තිබ්බ නම් ඒ විශේෂම දවස්වල විතරයි.. ඒකත් අවුරුදු ගානක් ගිහින්.. ඌ ඒ නොලියපු දවස් ටිකේ කොහොමද හිටියේ.. දින වකවානුත් එක්ක මම අතීතේ මතක් කලා.. දෙයියනේ ඒ කාලෙත් හිටියේ චරිත් මං එක්කනේ..! එතකොට.. මම තවත් නොහිතා කියවන්න ගත්තා..

2012 : 02 : 14

අද තරම් පාලු හිතුන දවසක් මම මගෙ ජිවිතේ මීට කලින් දැකලම නෑ. ඒක කියා ගන්න බැරි මුස්පේන්තු ගතියක්.. ඒ වගේ හැගීමකින් මුළු දවසම පිරිලා තිබ්බා.
මටත් තිබ්බ නම් අනිත් උන් වගේ කාටවත් නොපෙනෙන උඩම තට්ටුවෙ තැනකදි උබ එක්ක ඔහේ කියව කියව ඉන්න.. මම දන්නෑ බං..
මම වැඩට නොයා කැම්පස් එකට ආවෙ ඒකයි.. අද ආදරවන්තයන්ගේ දිනේ නිසාම නෙවෙයි.. උදේ ඉදන් දැනුන පාලු ගතිය උබ එක්ක ඉදලා හරි නැතිකර ගන්න.. ඒත් ශාලිය කැම්පස් එකේ හිටියේ උදේ කැන්ටිමෙන් කනකම් විතරයි.. දවසෙම හෙව්ව ගොඩක් උන් කිව්වෙ අද ඌව හොයන්න වෙන්නෙ රූම්ස් වල තමයි කියලා.. පපුවට පිහිපාරවල් අනිනවා වගේ දැනුනත් මට ඒක අමුත්තක් නෙවෙයි නිසා මම ඉවසගෙන හොස්ටල් එකට ආවා.. දැන් වෙලාව 11.48 තාමත් උඹ නෑ.

2012 : 9 : 02

පොඩීගේ බර්ත් ඩේ එක. මම මගේම සල්ලි වලින් සෙරෙප්පු දෙකක් අරන් දුන්නා.. ඌට ඒක ලස්සනයි.

"අඩේ තැක්ස් බොක්ක.."

උබ එහෙම කියලා මාව බදා ගනිද්දි උබෙ සුවඳ.. මම උබව බදාගෙන ඒ සුවඳ වින්ඳා. මම වැරදි ඇති.. උබටත් නොකියම උබේ දෙවල් මගේ කර ගත්ත එකට.. සමවෙයං පොඩී..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now