#සත්වන_පිටුව 💞

628 84 3
                                    

"මචන් අකේන් කෝල් කලා.. අම්මට අමාරුලු.මට එන්න විදිහක් නෑ අපෙ අම්මටත් අසනීපයිනේ. උබ පොඩ්ඩක් ගිහින් බලහන්.."

මම බයික් එකෙ යන ටිකට දෝංකාර දුන්නේ චරිත් කිව්ව වචන ටික..
මම චරිත් එවපු ලොකේෂන් එකට ගියා..
වෙනදට වඩා ඉක්මනින්..
මම ගේ ගාවට ගිහින් අකේන්ට කෝල්.එකක් අත්තා.

"මල්ලි මං ආවා.."

"අහ් මේ ඉන්න.."

එහා පැත්තෙන් කලබලේන් ෆෝන් එක තියනවා ඇහුනා.. ඒත් එක්කම කලුවරට තිබ්බ ගේ එලිය වැටෙමින් එලියේ දාපු බල්බ් එක නිසා හොදින් පෙන්න ගත්තා..
පොඩි මැටි ගෙයක් උනත් පිළිවෙලකට තිබුනා.. ඒත් එක්කම අකේන් දුවගෙන ආවේ හොද ඇදුමක් ඇදගෙනම වෙන්නැති..

"අම්මට මොකද.."

"පපුවේ අමාරුවක් කිව්වා.. ඉස්සෙල්ලා මම බය උනා අයේ.. කර ගන්නම දෙයක් නැතුව චරිත් අයියට ගත්තේ.."

"කෝ අම්මා.."

"දැන් නම් අඩුයි මං හිතන්නේ.."

"කෝකටත් අපි බේත් ගන්න යං.."

"ඔව් මම ලේස්ති උනෙත් ඒකට.. දැන් අම්මට බෑලු.."

"ඔයා අම්මව ලෑස්ති කර ගන්න..
මම හන්දියට ගිහින් වීල් එකක් කතා කරන් එන්නම්... "

"හා අයියේ.."

අම්මත් බෑ කියද්දිම අපි වීල් එකක දාගෙන හොමාගම හොස්පිටල් එකට ආවා.. අම්මව රෑ නිසා ඇඩ් මීට් කරන්න වුනා..

"මම කිව්වා පුතේ උබට.. දැන් කොහොමද උබ කන්නෙ බොන්නෙ.."

"එහෙම කියලා බෑනේ අම්ම...අම්ම හොදින් ඉන්න ඔනේ මල්ලි හොදින් ඉන්න නම්.."

"අනේ මන්දා පුතේ, පුතලාත් දුක් විදිනවා.."

අකෙන්ලගෙ අම්මටත් චරියගේ අම්මට වගේම පෙෂර්ලු.. දවසක් මම ඉදියේ චරියලහා.. එදා අම්මට පෙෂර් නැග්ගෙ මමත් ඉද්දිමයි.. අම්මට ක්ලාන්ත ගතියක් ඇවිත්.. පෙෂර් කිව්වම ගනන් ගන්නැති උනාට ඒ ලෙඩේ අමාරුකම මම එදයි දැක්කේ.. මේ කොල්ලටත් ඉතින් ඒ රෑ තනියම මොනා හිතෙන්න ඇද්ද..
මම ඒ ගැන කල්පනා කර කර ඕපීඩී එකේ බංකුවක ඉද ගත්තා.. පැය බාගෙකට විතර පස්සෙ අකේන් විතරක් ආපහු ආවා..

ඔබ මගේ වෙලා 💞Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ