#දහසයවන_පිටුව 💞

436 72 1
                                    

චූටි එක්ක බොරුවට තරහ උනත් මම දන්නවා එකව දැන් යාලු කර ගන්න. මම ඒ නිසාමයි ලොකු සීන් එක දලා සිගරට් එකක් බොන්න හිතන් තිබ්බෙ...
පස්සෙ චුටිට ගන්න හදපු කෝල් එක නතර කරලා මම වොශ් රූම් ඉද්දි ඇවිත් මිස් වෙලා තිබ්බ නම්බර් එකට ගත්තෙ කවුද බලන්න්..

"හෙලෝ.."

මට හුරු පුරුදු කට හඩක්.. මම ෆෝන් එක තියන්න හැදුවත් එහා පැත්තෙන් ඇහුනේ "ෆෝන් එක තියන්න එපා" ප්ලීස් කියලා.. මමත් ආයෙම කනේ තියා ගත්තේ මොකටද මන්දා..

"ඇයි.."

"හොදින් ඉන්නවද මහත්තයා.."

"ඔව්.."

"මම නැතුව.."

"ම්..."

"මතක් වෙන්නෙවත් නැද්ද මාව.."

මට කියන්න දෙයක් තිබ්බෙ නෑ.. කරන කලට පව් මිහිරිලු මී සේ.. මගෙ හිතට මහා බරක් දැනුනේ නෙහාන්ගේ කටකාර කටහඩ බිදිලා ගිහින් තිබ්බ නිසා..

"කොහෙද ඉන්නේ.."

"ගෙදර තමා වෙන කොහෙ ඉන්නද අයියෙ.."

"ම්.. පරිස්සමින් ඉන්න.."

"එන්නැද්ද මාව බලන්න.."

"මට වැඩ නෙහාන්.. එන්න විදිහක් නෑ.."

"ඇත්තටම මහත්තයා සතුටින්ද.."

"ම්.. ඔව් ඉතින්.."

"මහත්තයගේ ෆොටො බල බල හැමදාම රෑට නිදා ගන්නේ මම.."

"ම්.. පරණ දෙවල් අමතක කරලා සතුටින් ඉන්න නෙහාන්.."

"මට මේ ලංකාවේ සතුටක් නෑ. මම අම්ම ගාවට යනවා..."

"කවද්ද.."

"යන්න කලින් ඔයාව එක පාරක් බලන්න ඔනේ.."

"ම්.."

"මං ගාවට එක පාරක් එනවද ආයේ.."

"නෙහාන් ප්ලීස් මනුස්ස කමට කතා කලේ.. මම තියන්නද.."

"මං ගොඩක් අසරණයි ශලිය අයියේ.. මට සමාවෙන්න.."

"අමතක කරන්න එපා තමුසෙව මට හම්බුනේ ගයින්ඩර් ඇප් එකෙන්.."

"ඉතින්.."

"නෑ මොකුත් නෑ.."

"කියන්න මොකද්ද කියන්න ගියේ, මම බඩුවක් කියලද...."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now