#විසිහයවන_පිටුව 💞

457 68 3
                                    

මම ඇනෙක්ස් එකට ගාවට ගියත් ගේ ඇතුලට ගියේ නෑ.. මම බයික් එක උඩට වෙලා උන හැමදේම කල්පනා කලා..
මම කලපනා කලේ චූටි මේ විදිහට මාව කෝයා නොකරන්නේ ඇයි කියන එක..
මම දන්නෑ මට මාව කෙයා නොකරන එක තරම් දැනුනේ නෑ වෙන කිසි දෙයක්.. බැන්නත් ඉවසුව හැකි, ගැහුවත් ඉවසුව හැකි, මාව කෙයා නොකර ඉන්න එක තරම් මේ ලොකේ මම අකමැතිම දෙයක් මම දැක්කේ, දැනුනේ නෑ.. ඒක මට පොඩි කාලේ ඉදන්ම තිබ්බා දෙයක්... මම වැඩි පුරම අක්කටත් වඩා ආච්චිඅම්මට ආදරේ කල හෙතුවත් ඒකයි.. ආච්චිඅම්මා මාව දාලා ගියාම මං ගැන ලොකූවට බලන්න කවුරුවත්ම ඉදියේ නෑ.. ඒ නිසා මට ඒ කෙයාරින් කියන එක ජිවිතේ ලොකුවට බලපෑව.. මම වටේ යන කාලේ උනත් මම සැප තැනට යනවට වඩා ආයෙ ආයෙම ගියෙ මාව කෙයා කරපු තැන් වලට.. නෙහාන්ට උනත් මම නොදැනිම ලං වෙන්න හේතුවත් ඒකම තමයි.. ඌ මාව ඕනෙ ඕනේ කිය කියා කොල් කර කර එන්න කියපු එක මට සතුටක් විදිහට දැනුනා...
මම ඔහේ කල්පනා කර කරම ඉදලා පැය බාගයක් විතර ඉදලා ගේ ඇතුලට ගියා..
මම යද්දි චූටි කුස්සියට වෙලා පුටුවක වාඩි වෙලා ඉන්නවා.. මම චූටිව දැක්ක ගමන් පෙනුනේ කම්බුල.. සුදු හමක් තිබ්බ නිසාම කම්බුලතෙක්ක කණ රතු වෙලා තිබ්බා.. හිතට දැනුනේ මං ගැනම තරහක්. මම මටම හිතින් සාප කර ගත්තා.. මං ඌට ඒ තරම් ආදරෙයි.

"චූටි..."

ඒ ඇස් කදුළු වලින් පුරවගෙන එක තත්පරේට මන් දිහා බලලා බිම බලාගත්තා.. මම චූටි ලගින් දණ බිම තියලා උකුලේ තිබ්බ අත් දෙක දැතින්ම අල්ල ගත්තා..

"මගෙ රත්තරන්.. මේ අහන්න මැණික..."

"................"

"මං දිහා එක පාරක් බලහන් චූටි මැණික.."

"කියන්න මට ඇහෙනව.. ගැහුවට බීරි වෙලා නෑ කරුමෙට...."

"චූටි ප්ලීස්..."

"මොනාද දෙයියනේ කියන්නේ.."

චූටි මගේ අත් වලින් ඒ සියුමැලි අත් ඇතෑරව ගත්තේ තරෙහින්.. අහකත් බලාගත්තේ මං මූණ ඉස්සරහම ඉන්න නිස..

"මට සමාවෙයං චූටී.."

"..........."

"මේ අහන්නකො, එන්නකො යං,එන්න.."

"කොහෙද, අනෙ අයියේ වදින්නම්.. මම ඔක්කොම කරන්නම්.. උයන්නම්, වලං හොදන්නම්.. කන්න බොන්න ඔක්කොම දෙන්නම්, පුළුවන් විදිහට ඉගෙනත් ගන්නම්.. ඒකල්ලා රෑට ඇදට ඇවිත් ඔයාගෙ හැමදේ... ම්ම්ම්ම්ම්... ප්ප්පප්ප්... ස්ස්ස්ස්"

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now