#දහනවවන_පිටුව 💞

466 68 2
                                    

මම ටවල් එක පටලවගෙන කමරේට ඇවිත් ඇදට වැටුනා.. ඇස් පියා ගත්තේ ඇස් ඇරන් ඉන්න බැරි නිසා.. මම ඇද පුරම නිදහසේ අත පය විහිදලා ඇද බදාගෙන ඇස් පියා ගත්තා..

"අයියෙ කන්නෙ නැද්ද.."

"ම්ම්ම්හුම්.."

"නොකා නිදා ගන්නෙපා ඇගට පණ නෑ ඊට පස්සෙ උදේට.."

"දැන් කන්න බෑ.. පස්සෙ.."

"කියද බලන්න වෙලාව..10ටත් ලගයි.. මොන පස්සෙද.."

"කන්න බෑ අප්ප...ඔයා කන්න.."

ටිකකින් චූටි කාමරෙන් යනවා ඇහුනා..
මට මතකෙට ආවේ චරිත්ව.. ඌ මට දාන ලොකු සීන් ගැන.. හොදම යාලුවෙක් වෙල ඉන්න එකෙක් හැමදේටම ඉදපු එකෙක් වෙනස් වෙද්දි කාට උනත් දරන්න බෑ..  ඒත් ඒ හැමදේම උනේ මගෙ වරදින් කියලා මතක් වෙද්දි චරිත්ට මම සාධාරණ සමාවක් දුන්නා..

"හ්ම්...නැගිටින්න අහ්.. කලා ඉමු.."

"කන්න බෑ කිව්වනේ ඕයි.."

"මං කවන්නම්.. කෝ.."

මම අමාරුවෙන් හරි මූණ විතරක් උස්සලා බැලුවේ චුටි දිහා.. චුටි පිගානක් උස්සගෙන ඇවිත් තිබ්බේ වතුර වීදුරුවකුත් එක්ක..

"ඔයා කන්න.."

"කටක් කමු.."

චූටි පිගාන තියලා මට නැගිටින්න උදව් කලා. මම ඇද විට්ටමට හේත්තු උනේ අමාරුවෙන් ඉන්න ඔනේ නැති නිසා මිසක කෙලින් ඉන්න බැරි කමක් නිසා නෙවෙයි..

"ඔයා කෑවද.."

"නෑ.. මම කන්නම් ඔයා කලා නිදා ගන්න.."

"ඔයත් ඔහොම්ම කන්න.."

"ඔයා කලා ඉන්නකො.."

"ඇයි අපිරියයිද මගෙ පිගානෙන් කන්න.."

"විකාරද.. මේ ඇයි ඔහොම බොන්නේ.."

"අද බර්ත් ඩේ පාටි එකක්.."

"හරි පාර්ටියකට ගියාම බොනවා තමා...ඒත් මේ වගේ කනමදයා වගේ බොන්නෙ ඇයි කියලා ඇහුවේ.."

"ඒක නෙවෙයි ඊට කලින් කියන්න චරිත්ද කිව්වෙ මම පාර්ටියකට ගියා කියලා කිව්වෙ..."

"ඔව් මම ඔයට ගත්තා.. ෆෝන් වැඩ නෑ..
කැම්පස් පොත අරන් එන්න මතක් කරන්න ගත්තේ.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now