" මම තව්සෙට තරු පෙන්නන්නද.."

" පෙන්නයි තරු.. අනේ මේ මූණහෝදගෙන කන්න යමං.. "

රධ්‍ය අයියා මගේ පස්සට එකකුත් ගහගෙන මූණ හෝදගෙන වන වන එළියට ගියා.. මුගෙ ආච්චිට.. ඉඳපන්කො මම උඹට හොඳ වැඩක් කරන්න.. අර සෙනුකය නම් හැමදාම තරු බලනවැති.. මට තමා තරුවක් තියා සැටලයිට් එකක්වත් නැද්දෙ.. මගෙ පෞකාරයගෙන් අහන්න ඕන මනුස්සයට නගින්න දෙන්න හොඳ මොනවද කියලා.. කැලිෆෝනියාවල දූරියං නැද්ද දන්නෑ..ඇති හෙව්වොත්..

මම මූණ හෝදගෙන පහළට යද්දි අසලි අම්මා කණ්ණාඩි දෙකත් දාගෙන ලැප් එකේ මොනවද බලනවා.. අපේ අම්මා උයනවා.. අපේ අම්මනම් බලන වෙලාවක උයන එකනෙ වැඩේ.. වැඩක් නැති වුණාමත් උයනවා.. මේ දවස්වල ගොතන්න පුරුදු වෙලා.. ගොතනවත් එක්ක.. ඉඳලා හිටලා මගේ ලමයින්ටත් ඇඳුම් ගොතන කතා කියවගෙන එද්දි මම හිමින් සැරේ නැගිටලා එන්න එනවා.. දැන් මේ ගෙදර විසුමක් නැතිවෙලා තියෙන්නෙ.. එක්කො ළමයි.. එක්කො කසාදෙ.. 

" මගෙ බෝනික්කා නැගිටලා.."

මම අසලි අම්මගෙ ගාවින්ම ඉඳගත්තා..

" ආධ්‍ය අයියලා ආවෙ නැද්ද අම්මෙ.."

" උදේම එන්න විදියක් නෑ කිව්වෙ.. බබාලගෙ වැඩ වෙන්නැති කොල්ලො.."

එකසැරේම රධ්‍ය අයියා බිබී ඉඳපු කිරි එක නහයෙන් ආවා.. නෙද්දකින් මේ වනචර මිනිහා තමන්ගෙ අයියා ගැන හිතන නැහැදිච්ච සිතුවිලි.. හැබැයි මටත් ලාවට හිනාගියා ඉතින්.. අපේ මාමා රෑ හොඳටම අභ්‍යවකාශගත වෙලාද කොහෙද.. සැක් මොනවද මම මේ හිතන්නෙ.. වරදයා හිත දමනය කරගනින්..!! ඒ උඹේ මස්සිනයි මාමයි..

" අම්මා අපි එකොළහට විතර යනවා.."

" ම්ම්.. පොඩී බලන්න මේවගෙන් හොඳ මොනවද කියලා.. ඔයාලා දෙන්නගෙ මොනවත් අයිඩියාස් තියද.."

අසලි අම්මා ලැප් එක රධ්‍ය අයියගෙ පැත්තට හැරෙව්වම මමත් රධ්‍ය අයියගෙ ඔලුවට උඩින් මූණ දාලා බැලුවා.. ටසිරි වෙඩින් කාඩ් නේද.. දෙයියනේ!! මම බඳින්නයි යන්නෙ ආච්චිඅම්මෙ..

" බබා ඔයා කොහොමද කැමති.."

රධ්‍ය අයියා හැරිලා මගේ දිහා බැලුවා.. මම සීරියල් එක කකා හිටිය හැන්ද කටේ ගහගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now