73 කොටස

19.8K 1.7K 389
                                    

" අනේ එපා.. අම්මා.."

මාව එකපාරම ලොකූ නින්දක ඉඳලා ගැස්සිලා ඇහැරුණා.. පපුව වේගෙන් ගැහෙන ගමන් මාව දාඩියෙන් පෙගිලා ගිහින් තිබුනේ.. ඒත් එළියෙ තියෙන්නෙ පුදුම සීතලක්.. මම බ්ලැන්කට් එක ඇඟෙන් අයින් කල්ලා දාලා පපුවට දෙතුන්පාරක් ගහගත්තා..

මම මොකක්ද දැක්කෙ.. මොනවද වුනේ කියලවත් මට මතකයක් නෑ.. මම රධ්‍ය අයියා දිහා බලද්දි එයා හොඳටම නිදි.. සෙනුකලත් නිදි.. පාන්දර තුනට විතර ඇති.. බැල්කනි එකේ දොර ඇරලා දාලා හුළං කාමරේට වදිනවා.. දොර වහන්න අමතක වෙලාද..

මම සද්දයක් නැතිවෙන්නෙ හිමින් නැගිටලා ගිහින් බැල්කනි එකේ දොර වහලා උඩ අගුල තද කල්ලා එන්න හදද්දිත් මට පේනවා උඩ තට්ටුවේ බැල්කනියට ආධ්‍ය අයියගෙ කාමරේ ලයිට් දාලා තියෙනවා.. අපි ඉඳපු කාමරේ වතුර තිබ්බෙත් නැති නිසා මම හිමිහිට පහලට බැස්සා වතුර බෝතලයක් අරගන්න..

හවස අපි ඔක්කොම Ninearch Bridge එකට ගිහින් සන්සෙට් එක දිහා බලාගෙන ඉදියා..  අර පහළ තියන තේ පැල තිබ්බ හරියෙ ඇවිදින්න ගියා.. පාලමේ ගැට්ට උඩට වෙලා සෑහෙන්න වෙලා පිස්සු කෙළ කෙළ ඉඳියා.. අද උදේ යන්න හිටියේ ලිට්ල් ඇඩම්ස් පීක් එකට හයික් එකක්.. උදේම ගිහින් හුගක් හවස් වෙන්න කලියෙන් ආපහු රිසෝට් එකට එන්නයි හිතාගෙන ඉඳියේ.. ඊටපස්සෙ අපි කතාවෙලා හිටියෙ හොරර් මූවි එකක් බලන්න.. 

මම සද්දයක් නැතුව පඩිපෙල බැහැගෙන කුස්සියට ගිහින් ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලයක් අරගෙන කවුන්ටර් එකට හේත්තුවෙලා වතුර බොද්දි ඇහැ කොණට පෙනුනා සාලෙ මොකක් හරි එහාට මෙහාට වෙනවා.. හරි ඉක්මනට.. ඒක කොච්චර ඉක්මනට මට පෙනිලා නොපෙනිලා ගියාද කියනවනම් මට ආයෙමත් හිතාගන්න බැරිවුනා මට කලින් එහෙම එකක් පෙනුනද කියලා..

අඩේ හොල්මන්ද..

මම වතුර බීලා බෝතලේ එහෙමම තියලා ආයෙම උඩට දුවන්න ලෑස්තිවෙද්දි මම දැක්කා මගේ ෆෝන් එක සෝෆා එක උඩ වයිබ්‍රේට් වෙනවා..

මගේ ෆෝන් එක සෝෆා එක උඩට ආවෙ කොයි වෙලාවෙද..???

මම පඩිපෙල දිගේ උඩට දුවන්න හදලත් ආයෙම ගිහින් ෆෝන් එක අතට ගත්තා.. ෆෝන් එක අම්බානෙක රත් වෙලා.. මට මේ හෙන ගනන් ෆෝන් එකක් නෙමේ තියෙන්නෙ.. පොඩ්ඩක් පාවිච්චිකරපු ගමන් රත් වෙන හෙන දෙකයි පනහෙ ෆෝන් කබලක් තිබ්බෙ.. මගෙත් නෙමෙයි අම්මයි මමයි හවුලෙනෙ පාවිච්චි කරන්නෙ.. 

SEPALIKA | COMPLETEDحيث تعيش القصص. اكتشف الآن