40 කොටස

19.4K 2K 274
                                    

පාන්දර මම අම්මත් එක්කන් ගමේ එන්න ආවා.. සෙනග කියන්නෙ.. බස් එකේ අම්මට විතරයි ඉදගන්න හම්බුනෙත්..  මම අම්ම එක්ක ඉදගන්න යද්දි අපෙ ආච්චිගෙ වයසෙ විතර ආච්චිඅම්ම කෙනෙක් අපි ගාව බැරු බැරුව හිටගෙන යන්න හදද්දි මම ආච්චිඅම්මට සීට් එක දීලා නැගිටලා ගියා..හෙන පෝලිමක් බස් වලට.. අම්මට අවුලක් නෑ කොහොමත් ආච්චි කෙනෙක් ගාවනෙ ඉදගෙන යන්නෙත්.. ඒ ආච්චි මගේ මූණ අතගාලා මට පිං දුන්නා.. 

කොහොමහරි මම ගාල්ලට විතර එනකල්ම හිටගෙන ආවා.. ෆෝන් එකත් අම්මගෙ හෑන්ඩ්බෑග් එකේ.. නැත්නම් මොකක් හරි බල බල වත් එන්න තිබ්බා.. ගාල්ලට එනකල්ම හිටගෙන ඉන්න එකත් ලේසි නෑ.. පැය කීයක්ද.. මම බස් එකේ කොක්කක එල්ලිලා හෙන අමාරුවෙන් එක කකුලකට බර දීගෙන ආවා.. ආයෙම අනිත් කකුලට බර දීගෙන ආවා.. කොන්දත් රිදෙනවා දැන්නම්.. ඔහොම යද්දි දෙයියනේ කියලා අර ආච්චිඅම්මා තලල්ල හරියෙන් බහින්න නැගිට්ටා.. ඒ ආච්චි මට ආයෙමත් පිං සිද්ද වෙච්චාවෙ කියාගෙන බස් එකෙන් බැහැලා ගියා.. අම්මා හොදට නිදි.. මම අම්මගෙ හෑන්ඩ් බෑග් එකෙන් ෆෝන් එක ගත්තහම රධ්‍ය අයියගෙන් මිස් කෝල් පහක් විතර ඇවිත් තිබ්බා.. සැරින් සැරේ අරගෙන.. මම එයාට ආපහු කෝල් එකක් ගත්තා.. දෙපාරක් විතර රිංග්ස් යද්දි කෝල් එක ආන්සර් වුනා..

" හලෝ මල්ලි.."

ඒ කතාකලේ ආධ්‍ය අයියා.. මේකා ෆෝන් එකත් දලා කොහේ ගිහින්ද.. ඊයේ වෙච්ච කෙරිච්ච දේවල් නිසා හිතටත් බයයි.. මම නිදාගෙන ඉන්න අම්මා දිහා බලලා ෆෝන් එක එහා කනට මාරු කරගත්තා..

" අයියෙ.. කෝ රධ්‍ය අයියා.."

" ආ මේ බල්ලො දෙන්නා නාවනවා මල්ලි.. ඉන්න මම දෙන්නම්.."

" ආ නෑ නෑ අයියෙ.. එයා වැඩ ඉවරවුනු වෙලාවක ගන්න කියන්නකො.. හදිසි නෑ.."

" හා එහෙනම්.. මල්ලි යන ගමන්ද.."

" ඔව් අයියෙ..තාම මග.. තව පැය හතරක්වත් යයි.."

" පරිස්සමට යන්න මල්ලි එහෙනම්.. බුදුසරණයි.. මම පොඩීට කියන්නම්.."

" හරි අයියෙ බුදුසරණයි.."

මම ෆෝන් එක කට් කල්ලා බැක්පැක් එකට දාගත්තා.. හිතට හරිත් නෑ වගේ.. මට හෙන බයයි.. ඊයෙ රධ්‍ය අයියා එනවා කමනි ඇන්ටිවත් දැක්කද දන්නෙ නෑ.. මට අපේ ගෙවල් වටේ ඉන්න මෙලෝම එකෙක් ශුවර් නෑ.. හැමතිස්සෙම ඉන්නෙ අපිට කතාවක් හදන්න බලාගෙනම තමයි.. බැරිවෙලාවත් දැක්කනම්.. මම හතර අතේ දෙයියොන්ගෙන් ඉල්ලුවෙ එහෙම දෙයක්නම් වෙන්න එපා කියලා.. ඒ වුනාට කවුරුත් පාරෙ හිටියෙ නෑනෙ.. පාන්දර දෙකහමාරට කවුද නගිටගෙන අපේ ගේ දිහා බලාගෙන ඉන්නෙ.. රධ්‍ය අයියත් මොන මගුල් කරනවද හිතාගන්න බෑ.. එයාටත් හිතට අමාරු නිසා එන්න ඇත්තෙ.. නැත්නම් අපෙ අම්මා ගෙදර නැති වෙලාවකවත් ගෙට එන එක්කෙනෙක් නෙමේනෙ.. තියා අපේ ගෙදර ආවට මගේ කාමරේටවත් ඇවිල්ලා නෑ.. ආවහම අම්මා එක්ක කතාකල්ලා සාලෙම ඉදලා යනවා මිසක්.. එහෙම එක්කෙනා ඊයෙ රෑ ආව කිව්වහම හිතාගන්නත් බෑ.. හිතේ ප්‍රශ්න තියෙනවා දාහක් විතර.. මගෙ ඔලුව රදෙත් වගේ.. මම එහෙමම සීට් එකට ඔලුව තියාගෙන පොඩ්ඩක් ඇහැ පියාගත්තා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now