58 කොටස

17K 1.9K 367
                                    

" ඒ ෂනෙරුවා.. සිරාවටම මාවත් තෝරගෙනද බං.."

" ඔව් බං.. දැන් ඉතින් උඹත් ස්ටුවර්ඩ් කෙනෙක් තමා.. ලේසි පාසුද..ම්ම්..ම්ම්.."

මම සෙනුකයයි උදේම ඉස්කෝලෙ ඇවිත් ගේට් එක දිහාවට ඇවිදගෙන යනගමන් ඉදියෙ.. ඌත් ඉතින් ගේට් ඩියුටි තමා, මමත් ගේට් ඩියුටි නම්.. ෆ්‍රෙන්ඩ් ගෝල්ස් කියන්නෙ ඒවටනෙ.. කලින් දවසේ අර ගෙම්බා මාව ආතල් එකකට ගත්තු නිසා මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකල් කතාකරන්නෙ නැතුවනෙ හිටියෙ.. පස්සෙ ඉතින් පව් කියලා රෑ කෝල් එකක් ගත්තෙ.. මොකක් වුනත් කවදහරි යාලුවෙන්න ඉන්න එක්කෙනානෙ.. එහෙම කරන එක ලාවට වගේ හරි නෑනෙ..

" ඒ පකක් නෙමේ බං ඔය මගුලට දැන් හැමදාම ඉස්කෝලෙ එන්න වෙයිද.."

" අනේ මේ පිස්සු හැදෙයි.. මට එන්න වෙන්නෙත් සතියට තුනයි බං.."

" ඒකනෙ.."

" උඹට අවුලක් නෑනෙ ඉතින් ඇපෘවල් නිකන්ම ලැබෙනවනෙ.. ඉස්කෝලෙ හෙඩා බෝයිපෙන් නෙ.."

" අනේ පලයන්.."

" ඒකනෙමේ.. දැන් අයුක අයියට මොකද.."

" දැන් නම් ඉන්නවා.. කලින් වගේම ලොකු අවුලක් නෑ.. ඒ වුනාට ලොකු හොදකුත් නෑ බං.."

" අයියට ඉක්මනට සනීප වෙයි.. උඹ ඒකා එක්ක ඉන්නවනෙ.."

මම සෙනුකයගෙ කරට අතක් දාගත්තා..

" උඹ වගේ එකෙක් ලැබෙන්න උගේ මොකක් හරි පිනක් තියෙන්නැති බං.."

" ඒ මොකෝ.."

" නෑ උඹ මාරයි.."

" ම්ම්.. ම්ම්.."

සෙනුකයයි මමයි ගේට් එක ගාවට යද්දි සීනියර් ප්‍රිෆෙක්ට්ස්ලා පස් දෙනෙක් ගේට් එක ගාව ඉදගෙන බෑග්ස් චෙක් කරනවා.. උදේ නිසා ඉතින් කට්ටිය ලොකුවට නෑ.. රධ්‍ය අයියත් පේන්න හිටියෙ නෑ අද උදේ මොකක්ද වැඩකට ඔෆිස් එකට යනවා කිව්වනෙ.. අපි ගියාට පස්සෙ එතන ඉදපු අයියලා දෙන්නෙක් අපි ගාවට ආවා.. අපි දෙන්නටම බැජ් තිබ්බෙත් නෑ.. ඒ වුනාට ඒ අයියලව මම දන්නවා..

" කෝ බැජ්??"

" රධ්‍ය අයියා අද ඉල්ලගන්න කිව්වා.."
" මම ඊයෙ ආවෙ නෑ අයියෙ.."

" ආ හා කමක් නෑ.. උඹලා දෙන්නා අර ලයින්ස් දෙකට ගිහින් බලපන්.. අපි මෙහෙන් ඉන්නම්.. අවුලක් නම් කතාකරහන් හොදේ.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now