45 කොටස

20.4K 1.9K 257
                                    

මම ඊයෙ ඉස්කෝලෙට ගිහින් ක්ලබ් එකේ මීටින් එකටත් ඉදලා ගෙදරත් ආවා.. කවුරුත් නෙමේ අපේ සෙනුකයා තමා ක්ලබ් එකේ ප්‍රසිඩන්ට්.. ඌ මේ ටිකේ සාංකාව හැදිලා වගේ ඉන්නෙ.. අයුක අයියා බිග්මැච් එකට ප්‍රැක්ටිස් වෙනවා දවසෙම.. මූට අයියව හම්බෙන්න විදියක් නෑ.. අල්ලගත්තනෙ ඉස්කෝලෙ ක්‍රිකට් ටීම් එකේ කැපාව ඉතින්.. ඊයෙ දවසෙම ඉස්කෝලෙ ඉදගෙන කැම්පේන් එකට ඕන දේවල් ලෑස්ති කල්ලා අද උදේ යන්න තමා හිතාගෙන හිටියේ.. 

අම්මා උදේ කතාකල්ලා සති අන්තෙ එනවා කියලා කිව්වා.. මාමා ට්‍රින්කො ගියා විතරයි කතාකලේවත් නෑ ආයෙම.. ඒ මනුස්සයගෙ අභිරහස් ජීවිතේ ගැන ඉතින් අපිට කියන්නෙත් නෑනෙ කොහොමත්.. මම කාල බීල ගෙවලුත් අස් කරගෙන පාඩුවේ හිටියා.. අල්ලපු ගෙදර කමනි ඇන්ටි කොයිවෙලේ බැලුවත් බෙල්ල මෙහෙට දික් කරගත්ත ගමන්මයි ඉන්නෙ.. ඒකනිසා ඊයෙ රධ්‍ය අයියා මාව ගේට් එක ගාවින් දාලා එහෙමම යන්න ගියා.. හරි මගුලක් තමා ඒක.. අපි ඉන්න ඕන උන්ට ඕන විදියට..

මම උදේ නැගිටලා ක්ලබ් එකේ සුදු ටීශර්ට් එකට කළු ඩෙනිමක් ඇදලා කලු ඩෙග් දෙකකුත් දාලා බැක්පැක් එකත් ලෑස්තිකරගෙන එළීයට වෙලා හිටියා.. අයුක අයියා නැති නිසා රධ්‍ය අයියා සෙනුකයවත් පික් කරගෙනම එනවා කියලා කිව්වේ.. කියාන් අයියලා මේ ක්ලබ් එකේ නෑ.. ඇරත් ඒකා පිස්සුවෙන් වගේ මේ ටිකේ රගර් ගහනවා මැච් එකක කියලා.. 

ටික වෙලාවකින් රධ්‍ය අයියා අපේ ගෙදර ඉස්සරහ ඉද්දි මම දුවගෙන ගිහින් කාර් එකට නැග්ගා.. සෙනුකයා ඉන්නවා පෑනකුත් කටේ ගහගෙන මොනවද බල බල.. මම ආවා කියලවත් ඌට ගානක් නෑ..

" අම්මට කිව්වද.."

" ඕ කිව්වා.. ඒ සෙනුකයා.. බල්ලො.. ඕයි.."

මම පිටිපස්සෙ සීට් එකට වෙලා කොළ ගොඩක් බදාගෙන ඉන්න සෙනුකයගෙ ඔලුවට අත දිගෑරලා පාරක් ගැහුවා..

" ආ අඩේ ෂනෙරුවා.. ගුඩ් මෝනින්.."

" මෝනින්.. මොකක්ද ඔය.."

" නෑ බං මේ මම ආයෙම මේක බැලුවා.. ඒ උඹ තනියමනේ බං ඉන්නෙ මේ ටිකේ.."

" ම්ම්.. අම්මා ඉරිදා එනවා කිව්වා.."

" එහෙමද.. ඒ උඹට බය නැද්ද බං තනියම ඉන්න.."

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now