41 කොටස

18.1K 1.9K 416
                                    

" අනේ මේ මාමෙ.. මට බෑ අප්පා.. මගුල.. කොන්දත් රිදෙනවා.."

" පිස්සු කෙලින්නැතුව ගිහින් කිකිරිඳිය ටිකක් කඩාගෙන වරෙන්.. අර වෙල නියරෙ ඇති ඕනතරම්.."

" නියරෙ තියනවා ලබ්බක් තමා.. රෙද්ද.. මම යනවා දමලා ගහලා යන්න.."

" ඔව්.. ඔහොම ගිහින් අන්න අතනින් වෙලට බැහැලා කඩාගෙන වරෙන්.. හොද එකානෙ.."

" අනේ පලයන් මාමෙ.."

මම මාමටත් රවලා ගස්සගෙන දාගෙන වෙලට බැස්සා.. මේ අපේ අම්මගෙ මලයා ඉන්නවා ඌට පුදුම ඇම්මනෙ තියෙන්නෙ.. අත පය නිකම් තියාගෙන ඉන්න බෑ.. දැන් බෙහෙත් තෙලක් හිදින්න ඕනලු ඔලුවෙ ගාන්න.. මොන මගුලකට ඩෙන්ටල් ඩොකෙක් උනාද මටනම් හිතාගන්න බෑ.. මේකා යවන්න තියෙන්නෙ වෙද ගෙදරට.. 

මාමා ආමි මෙඩිකල් කොප්ස් වල ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක්(යුධ හමුදා වෛද්‍ය බලකායෙ).. මම හම්බුන අවුරුද්දෙ තමා ඩයල් එක දෙපාරක් ඒ ලෙවෙල් ලියලා කැම්පස් සිලෙක්ට් වුනේ.. ඒකනිසා ඒකා කියන්නෙ මමලු එයාගෙ ලකී ස්ටාර් එක.. පලවෙනියටම මාමා කෙනෙක් වුනේ මම නිසාලුනෙ.. ඒකලු කැම්පස් ගියේ ඒ අවුරුද්දෙ.. කොහොමහරි කමක් නෑ ඩයල් එකට පිස්සු තදටම.. කැම්පස් කාලෙ ලව් එකක් තිබිලා ඒක එහෙමම කැඩිලා තාම බැදලා නෑ.. ගෙදරට නාකි වෙවි ඉන්නවා.. මම ඕක අල්ලගෙන දවසක් කියවද්දි මට කියනවා උඹ ආදරේ ගැන දන්න පකක් නැහැල්ලු.. කමක් නෑ දැන් දැනගන්නනෙ ඉන්නෙ.. 

මම වත්ත පල්ලෙහායින් වෙලට බැහැලා නියර දිගේ මාමගෙ අර මොකක්ද පැලේ හොයන්න බිම පාත් වෙවී වෙවී ඉස්සරහට ගියා.. ඉස්සර වගේ නෙමේ.. කිකිරිදිය දැන් නෑ හොයාගන්න කොහේවත්.. නාකි විසේ.. කොණ්ඩෙ කලු වෙන්න තෙල් හිදිනවා පුප ඉරාගෙන.. හිතේ ඇත්තෙ තාම කොල්ලා කියලා.. ලස්සනයි තමා ඒ වුනාට වයසනෙ.. 

මම නියර දිගේ නැමීගෙන ඇවිදගෙන ඇවිදගෙන ඉස්සරහට යද්දි මට එකපාර ඇහැට හම්බුනේ කළුපාට නියපොතු තියෙන සුදු පාට කකුල් දෙකක්.. ඉර මද්දහනෙ යක්කුත් ගස් නගිනවා.. මම බයවුනා නහුතෙටම.. ඒ වුනාට ගස් නගින වෙලාවනෙ.. ඉතින් මේ ඉන්නෙ ගහෙන් බිමනෙ.. මාව දැකලා බිමට බැස්සද දන්නෙත් නෑනෙ.. මම එහෙමම නැමිලා කකුල් දෙක උඩට උඩට බලාගෙන බලාගෙන එද්දි මේ යකා ගානට කකුල් දෙක ශේව් කරලනෙ දෙයියනෙ.. රාබු අල දෙකක් වගේ.. ඉතින් මම මොකක්ද කිය කිය හිටියෙ.. ආ.. උඩට බලාගෙන ඒදි මම දැක්කෙ ලා රෝස පාට ගවුමක්.. මම එහෙමම බයවෙලා කොන්ද කෙලින් කරගත්තා.. සැක් ගෑනියෙක් නේද මේ.. මම පහල ඉදන් උඩට බැලුවහම මොනව හිතුවද දන්නෙ නෑ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now