35 කොටස

19.8K 2K 119
                                    

" සුදුමහත්තයා.. රෑ වෙනකල් ඇහැරලා ඉන්නෙ නැතුව පාඩම් කල්ලා නිදාගන්න.."

අම්මා මගේ කාමරේ දොර රෙද්ද මෑත් කල්ලා කියාගෙනම අම්මගෙ කාමරේ පැත්තට ගියා.. මම හිටියේ පාඩම් කරන මේසෙ වාඩිවෙලා මේසෙ උඩ තිබ්බ ටේබල් ලෑම්ප් එක දිහා ඇස් දෙක කණ වෙලා යනකල් බලාගෙන.. අම්මා කතා කලා විතරයි ඇස් දෙක නිලංකාරවෙලා ගියා.. මමත් මොන මගුලෙ සිහියකින් ඉන්නවද මන්දා.. 

" හරි අම්මෙ.."

මම ඔලුවෙ තිබ්බ සේරම කුණුගොඩවල් ටික අයින් කල්ලා පාඩම් කරන්න පටන් ගත්තා.. වාර විභාගෙ ළගයි.. ඒකට ලියන්නත් ඕන.. අනිත් ඔක්කොටම කලින් එක්සෑම් එක කරගන්න ඕන.. කොහොමහරි කැම්පස් ගිහින් ජොබ් කට්ටක් අටවගෙන අම්මා එක්ක වෙන ගේකට මාරුවෙන්නෝන.. මට තිබ්බ හීන හුගක්ම ලොකු ඒවා නෙමෙයි.. සාමාන්‍ය හීන අතලොස්සක් මටත් තිබුනෙ.. හුගක්ම පොඩි කාලෙ තට්ටු පහකට ගෙයක් හදලා උඩ තට්ටුවෙ පූල් එකක් හදනවා කියලා මහ උජාරුවෙන් කිව්ව මමම නවය දහය වසරට යද්දි ජජ් කෙනෙක් වෙන්න, ලොකු ගාඩ් එකක් දාගෙන ගමන් බිමන් යන්න, නඩු කතාකරන්න වෙන රටකට යන්න හීන දැක්කා.. ඒත් ඒ ලෙවෙල් පන්තියේ දෙවෙනි අවුරුද්දෙ මට තිබ්බ හීනෙ වුනේ මොකක් හරි ජොබ් එකක්.. කැම්පස් එකේ සයන්ස් ෆැක්ල්ටි යන එක.. ඔය වගේ දේවල් ටිකක් විතරයි.. එන්න එන්න අපි සමාජෙට නිරාවරනය වෙද්දි, දේවල් තේරෙන්න ගද්දි හුගක් හීන වලට ඉබේම තිත තියවෙලා ඒ පරිච්චේද එහෙම්මම වැහිලා ගියා.. ආට් කරන්න ආසාවෙන් ඉදලා අවසානේ මම පුදුම කට්ටක් කාගෙන බයෝ කලේ.. 

මම පොතේ ලියලා තිබ්බ මාතෘකා දිහා ඔහේ බලාගෙන ඉදියා.. 

'ලක්ෂීය ස්කන්ධයක් වටා ගුරුත්වාකර්ශන ක්ශේත්‍ර තීව්‍රතාවයෙහි වෙනස්වීම'

මාතෘකාව දැක්කහම මට සංසාරෙම එපාවුනා.. මොන කරුමයක්ද අප්පා මේ.. මම පැන්සලක් අරගෙන පාස් පේපර් පොතේ තිබ්බ ගනන් හදාගෙන ගියා.. කමක් නෑ.. වැඩ බැරි ගොඩේ නෑනෙ මේ සබ්ජෙක්ට් එක මෙච්චර එපාවෙලා තිබ්බත්.. 

මම පාඩම් කරන්න පටන් ගත්තෙ රෑ අට හමාරට විතර.. අම්මා රෑට රේඩියෝ එකේ අහන 'ආරාධනා ස්වර දැහැන' ප්‍රෝග්‍රෑම් එක දැන් ඉවරවෙලා පැය ගානක් වෙනවා.. මමත් ගනන් හදන ගමන් ලාවට කනට ඇහෙන ධම්මික බණ්ඩාරගේ ලොකු විචාර වලට කන් දීගෙන හිටියා.. පරණ සින්දු හරි ලස්සනයි.. ලොකු තේරුමක් තියෙනවා.. ඒවා විචාර කරද්දි අහන් ඉන්න හරි ආසයි.. අපෙ අම්මා ආසම සින්දුවක් තිබ්බා නන්දා මාලිනීගෙ.. ගජමන් නෝනා ගැන කියන.. මම පොඩි කාලෙ අම්මා ඒක ගමේ ගෙදර උකුලෙ වාඩිකරගෙන අහනවා.. මට තාමත් සින්දුව මතක් කරද්දි තාලෙ ඇහෙනවා ඇහෙනවා වගේ..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now