169 කොටස

14.8K 1.7K 798
                                    

" වරද් අවදිවෙන්න.."

" ම්ම්.."

" කෝ නැගිටින්න.."

" ම්ම්.. ම්ම්.."

මම අනිත් පැත්ත හැරිලා බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳන් පොරවගත්තම මම හීනෙන් වගේ දැක්කා රධ්‍ය අයියා නැගිටලා බාතෲම් එකට යනවා.. මාත් ටිකකින් අවදි වෙලා බාතෲම් එක අස්සටම රිංගගත්තා..

" නිදිමතයි ඒයි.. වෙලාව කීයද.."

මම ගිහින් දත් මැද මැද ඉඳපු රධ්‍ය අයියගෙ උරහිසට මූණ තියාගෙන ඇස් දෙක පියාගත්තා.. හෙන නිදිමතයි.. 

" හත හමාරයි.."

මම ටික වෙලාවක් ඉඳලා මගේ බ්‍රශ් එකට ටූත්පේස්ට් හලාගෙන ඒක කටේ ගහගත්තා.. මේ දත් මදින එකනම් මලවදේ.. අපේ මාමා දත් දොස්තර නිසා මම පොඩිම කාලෙ දත්මද්දන්නෙ ඒ මනුස්සයා තමයි.. උඩට පහළට පැත්තට.. යැයි යැයි ගගා දත් ටික ගෙවිලා යනකල් මද්දනවා.. නෑ හරිද.. ගෙවිලා යනකන් නෙමේ.. ඒ ගොල්ලොන්ට කියලා දෙන විදියට.. මාමගෙ නුවර එක්ස් කෑල්ලට දැන් නම් ඇඬෙනවා ඇති මගෙ මස්සිනාව දැකලා.. මස්සිනාද.. චූටි මාමද.. මේ මගෙ එහාපැත්තෙ ඉන්නෙ හිච්චි මාමනෙ.. මගෙ බඳින්න ඉන්න හිච්චි මාමා.. 

මම නයිට් කිට් එකේ දිගට තිබ්බ අත උස්සලා කරකලා හොඳ පාරක් රධ්‍ය අයියගෙ පස්සට දුන්නා..
*චටාස්*

" වරද්!!!"

" දෙයියනේ තව ලොකුවෙලා.."

" පාඩුවෙ ඉඳපන්.."

" පාඩුවෙ ඉන්නෙ මොකටද.. මේ අහනවකො.."

මම බ්‍රශ් එකත් කටේ ගහගෙන හිමින් සැරේ ඇදිලා ගිහින් රධ්‍ය අයියගෙ අතකට හේත්තු වෙලා ඇස් පිල්ලම් දෙක තුනක්  ගැහුවා.. රධ්‍ය අයියා බයවෙලා වගෙ මගෙන් එහාට වුණා..

" මෙහ්.."

" මොකද.."

" අපි තරු බලන්න යන්නැද්ද.."

රධ්‍ය අයියා දත් මැද මැද ඉඳපු බ්‍රශ් එක කටේ ඇනගත්තා.. ඔච්චර බය වෙන්න ඕනද හත්දෙයියනේ ඒකට.. මම හිතුවෙ විසි හතක් වෙද්දිවත් මේ මනුස්සයා ෆෝවර්ඩ් වෙලා ඉඳීවි කියලා.. බලන් යද්දි මේ මනුස්සයව වරදට පොළඹවගන්න වෙන්නෙ මටමද කොහෙද.. හිටපන්කො හනිමූන් ගිය දවසට මම තෝ මරාගෙන කනවා.. ගැටපොලොස් කොට්ටෝරුවා..

SEPALIKA | COMPLETEDحيث تعيش القصص. اكتشف الآن