මම මූණට හම්බෙන හැමෝ එක්කම හිනාවුණා.. කව්ද කියලා මම දන්නෙ නැතිවුණත් මගේ හිනාවක් ඒ මනුස්සයගෙ දවසෙ කොයිම හරි කෑල්ලක් හොඳ කරයි කියලා මම හිතුවා.. අනික උදේ පාන්දර එහෙම රවන්න හොඳ නෑ.. හෙට නත්තල් නිසා අද හැමතැනම පාරවල් පාළුයි.. වාහන මොකුත් නෑ.. දන්නෙම නැතුව නත්තලත් ඇවිල්ලා.. මගේ නේබර්ස්ලා හුඟක් කැතලික් අය නිසා හෙට මට කේක් හම්බෙන්න තියනවා.. ඒ ඇරෙන්න ඒ ලේන් එකේ මනුස්සයො හරි සමඟියි.. එහෙම තැනක ඉන්න ආස හිතෙනවා.. පෙරේදත් ආච්චි කෙනෙක්ගෙ බර්ත්ඩේ එක තිබිලා මම ක්ලබ් එකේ ඉඳලා ගෙදර ආවම මට පොඩි ස්වීට්ස් බාස්කට් එකක් හම්බුණා.. මම කවමදාවත් මෙහෙම මනුස්සයො හමුවෙලා තිබ්බෙ නෑ.. එයාලගෙ සමාජ පංතිය හරි වෙනස් නිසා හිතන පතන විදියත් වෙනස්.. මට නිතරම පරිස්සමින් ඉන්න කියනවා.. 

රධ්‍ය අයියා මාත් එක්ක කතානොකර ගෙවෙන හතවෙනි මාසෙ විතර.. හැමදාම කැලැන්ඩරේ දින කපන මට ඒක සෑහෙන්න දැනුණා.. එහෙමයි කියලා මම අඬන්නද.. හැමදාම අඬන්න බෑ.. මම මුලින්ම මට ආදරේ කරන්න පටන් ගන්න හිතුවා.. ආයෙ ජීවිතේ මුල ඉඳන්ම පටන්ගන්න.. හිතේ කොනක අතීතෙ තියනවා තමයි.. ඒත් මට උවමනා කැම්පස් යන්න කලින් අලුත් මාව එළීයට ගන්න.. මම මුලින්ම මගෙන් ආදරේ කරන්න පටන් අරගෙන ඒක ඉස්සරහට ගෙනියනවා කියලා හිතුවා.. 

රධ්‍ය අයියගෙ බර්ත්ඩේ එක පහුවුණා.. 

මම ඒකනිසා හිත හැදෙන්නත් එක්ක අපේ ඉන්ට්‍රැක් එකෙන් කැම්පේන් එකක් තියපු වැඩිහිටි නිවාසෙට ගියා.. මොකද මට හොඳටම උවමනාවක් තිබුණා මගේ බෑන්ක් එකේ එකතුවෙලා තිබුණූ සල්ලි වලින් කොටසක් ඩොනේට් කරන්න.. මට එහෙම මහා ලොකුවට නෑ තමයි.. ඒත් මට පුළුවන් තරමෙ දෙයක් දීලා හිත සතුටු කරගන්න ඕන වුණා.. 

එල්ඩර්ස් හවුස් එකේ සිස්ටර් හරිම හොඳයි.. මාත් එක්ක හුඟක් කතාකළා.. මම එවෙලෙ ඇහුවම එදා හමුවුණු සීයා ගැන, සිස්ටර් මගේ ඉස්සරහින් ගෙනැල්ලා තිබ්බෙ මරණ දැන්වීමක්..

සාමදානයේ සැතපේවා!!

මගේ හිත හුඟක් රිදුණා.. සීයා බලන්න මම එදායින් පස්සෙ ආවෙම නැහැ.. මම බලාපොරොත්තු වුණා සීයව හමුවෙලා ටිකක් වෙලා කතාකරන්න.. මොකද ඒ සීයා කතාකරන්න ප්‍රසන්න මනුස්සයෙක්.. ඉතින් අන්තිමේ මට වුණේ ඉටිපන්දම් දෙකතුනක් ගෙනිහින් චර්ච් එකේ පැත්තක තිබ්බ සෙමෙට්‍රි එකේ ලොකු කුරුසේ පහළින් ගහලා එන්න විතරයි.. ඒ දවස මට අද වගේ මතක් වෙනවා..

SEPALIKA | COMPLETEDWhere stories live. Discover now