🍁හතලිස් හත්වන දිගහැරුම🍁

Start from the beginning
                                    

" තව වෙලා තීනව....."

" තව වෙලා තීනව කිය කිය ඉදල අන්තිම මොහොතෙ දුවන්නකො දත් මදින්න....අද මහත්තයා නේද එනව කිව්වෙ.....ලෑස්ති වෙන්න දරුවො...."

අම්මා කුස්සියේ ඉදන් බෙරිහන් දෙද්දි මන් මේ කනෙන් අහල මේ කනෙන් පිට කරල පාඩුවේ තේක බිව්වා.....ඕවා මේ ඩෙලි ඇහෙන දේවල්.....

මන් රබර් වත්ත දිහා බලාගෙන තේක තොලගෑවෙ නිදහසේ.... ම්ම්....නිදහස කියන්නෙ මොකද්ද ඇහුවොත් මාව පෙන්නපන්....ම්ම්.....උදේට මෙහෙම නිදහසේ තේකක් බොන්න තීනව නම් අන්න නිදහස..... ආ තව ලස්සන කියන්නෙ මොකද්ද කියල ඇහුවත් මාව පෙන්නපන්.....ම්ම්.... මාව විස්තර කරන්න ලස්සන කියන අකුරු හතර මදී......ම්ම්ම්ම්ම්..

ඒත් එක්කම ඈතින් දිලිසි දිලිසි එන අයියගෙ BMW එක දැකල මන් ගෙට පැන්නෙ තේ මන්ඩි ටික එළියට හලලා.....

හුටා....... අටට කාලයි වෙලාව....

" සිත්තප්පේ.....අයියා ඇහුවොත් මා කාමරේ ලෑස්ති වෙනව කියන්න හොදේ......"

" උඹ දැන්නෙ බන් දත් මදින්න දුවන්නෙ...."

" එහෙම කිව්වා කියල කට ගෙවෙන්නෑනෙ....ප්ණ්ඩිත නොවී කියන එක කරන්නකො..... අනේ මන්දා මේ ගෙදර මිනිස්සුන්ට මක් වෙලාද කියල ....."

මන් විගහට පිටිපස්සට දුවල පිම්මට දත් සෙට් එක උලද්දි මට තෙරුනා සිත්තප්පයි අයියයි කයියක් කියල .....

" සුදු චූටි ......ඉක්මන් කරපන්....මහත්තයා දැන් කීයෙ ඉදන්ද බලන් ඉන්නෙ....."

" ඉන්න ඉන්න දැන් එන ගමන් මේ...."

සාලුවෙන් ඇග පිහාගෙන ඉක්මනට ඩෙනිම කකුලෙන් බැස්සුවත් වතුර නිසා ඒ මගුල බහින්නෙත් නෑ.....

" මටත් හොදටම ලේට් වෙනවා පද්මා"

අයියා කියනව ඇහෙද්දි මන් ඉක්මනට ඇද ඇදම සාලෙට දිව්වා...

" හතට විතර නැගිට්ටා මහත්තයා..... එළියට වෙලා තක්බීරි වෙලා ඉන්නවා කොච්චර කිව්වත් ලෑස්ති වෙන්ඩ යන්නෑ..... දෙන්න හිතයි මට....."

අම්මා මගේ පුපට පාරක් ගහද්දි මන් ආයෙ පොත් ටික හොය හොයා පිස්සු බල්ලෙක් වගේ සාලෙන් කාමරේටයි කාමරෙන් සාලෙටයි දිව්වා.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now