YOU'RE MY HOME - chapter 34

36 2 2
                                    

හෝටලය වෙත පැමිණි දෙදෙනාම ස්කුටරය රථගාලෙන් දමා හෝටලය තුලට යන්නට විය.

"අවි.... ඔයා කොහොමද මං එතන ඉන්නවා කියලා දැනගත්තේ?"

හෝටලය තුලට යන අතර තුර අනුක ඇසුවේය.

"මං හොටෙල් එකට ඇවිත් ටික වෙලාවකින් ඇවිදින්න කියලා එළියට ආවා. ඉතින් ඇවිදන් යන ගමන් දැක්කා ඒ රෙස්ටුරන්ට් එක... මාත් ඩිනර් අරන් තිබ්බේ නැති නිසා ඒකෙන් ඩිනර් ගන්නම් කියලා ඇතුලට ආවා විතරයි මෙන්න ඔයා ඉන්නවා... මගේ බඩගින්න කොහෙන් ගියාද දන්නේ නෑ."

"විහිළු නෙමෙයි අවි...."

"මාත් විහිළු නෙමෙයි බබා කරන්නෙ... ඇත්තමයි ඔයා දැක්ක වෙලේ මට ආපු සතුට... කියන්න වචන නෑ..."

"ම්ම්ම්ම්... මටත් එහෙමයි අවි... මට විශ්වාස කරන්න බැරි උනා ඔයා ඇත්තටම මගේ ලග ඉන්නවා කියලා."

"මට මීට කලිනුයි එන්න තිබ්බේ මැණික 🥺.. කොහෙද ගෙදරින් ප්‍රශ්න දාන නිසා මට එහෙම එන්න දුන්නේ නෑනේ."

"ඔයා සමාව ඉල්ලන්න ඕනෙ නෑ අවි.. අපිට හොදම දේවල් ලැබෙන්නේ හරිම කාලේදී..ඉතින් අපි ආයේ මුණගැහුනේ හරිම කාලේදී කියලා හිතන්න... "

අනුක AJ ගේ අත්ල පිරිමදිමින් කීවේය.

"ම්ම්ම්...
ඔන්න අපි ආවා.. මේක තමයි මගේ room එක "

කතාවෙන් කතාව AJ නැවතී සිටි හෝටල් කාමරය වෙත පැමිණි දෙදෙනාම කාමරය තුලට ගියේය.
.
.

"ඔයා මුලින්ම wash දාගෙන එන්න බබා.. මං ඊට පස්සේ යන්නම්.."

AJ කීවේ සපත්තු ගලවන ගමන්ය.

"හරි."

එයට එකග වෙමින් කාමරයේ වූ තුවායක් ගෙන අනුක නා ගැනීමට නාන කාමරය වෙත ගියේය .
.
.
.

"අහ්හ් ඔයා ආවද?

මද වේලාවකින් අනුක බාත් රොබ් එකක් ඇද තුවායෙන් හිස පිහ දමමින් කාමරයට පැමිණියේය.

"ම්ම්ම්...  "

" ඔයාට ඇදුමක් බලලා මගේ බෑග් එකෙන් ගන්න බබා. මං යනවා wash දාන්න. "

"ම්ම්ම්ම්.."

අනුක පැමිණිමෙන් පසු AJ ද නා ගැනීමට ගියේය.
.
.

YOU'RE MY HOMEWhere stories live. Discover now