YOU'RE MY HOME - CHAPTER 21

26 2 0
                                    

"දෙනුවන් අයියේ ඔයා??"

පැය එකහමාරකට පමණ පසුව අවදි වූ දෙනෙත් දෙනුවන්ව දැක පුදුම වූහ.

" අහ්හ් නැගිට්ටද?
Hospital යන්න ඕනේ. ගෙදරට Call එකක් දීලා කියන්න එන්න පරක්කු වෙනවා කියලා. "

වරක් හිස ඔසවා බැලූ දෙනුවන් නැවතත් දුරකථනය දෙස බලා කීවේය.

"අහ්හ්.. Hospital???
ඇයි ඒ??? "

" Doctor කිව්වේ X ray එකක් ගන්න කියන්න කියලා ඔයාට. "

අසුනෙන් නැගිටුණු දෙනුවන් බෑගය කරේ දමාගෙන යාමට සුදානම් විය.

" ටිකක් ඉන්න..
දෙනුවන් අයියේ.. "

කලබලයෙන් ඇදෙන් බැසීමට‍ ගිය දෙනෙත් බිම නොවැටී බේරුනේ වහාම දෙනුවන් ඔහුව අල්ලා ගත් නිසාය.

"ඔයාට ඇවිදින්න අමාරුද?"

දෙනුවන් ඇසුවේය.

"ටිකක් විතර කැක්කුමයි. "

" ඔහොම ඉන්න එහෙනම්. මම වාහනේ මෙතනට ගේන්නම්."

රථගාලෙහි නවතා තිබූ මෝටර් රථය දෙනෙත් සිටින තැනට ගෙන ඒම සදහා දෙනුවන් වහාම පිටවිය.

----------------------------------------------------------

🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃🌃

පුහුණුවීම් අවසන් කර රාත්‍රී 8 පමණ වනවිට නිවසට පැමිණි AJ නා පිරිසිදු වී, රාත්‍රී ආහාරද ගෙන ඇදට ආවේ අනුකට ඇමතුමක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් ඒත් සමගම නාද වූ දුරකථනය අතට ගෙන බැලූ AJ ට දැකගත හැකි වූයේ එම ඇමතුම අනුකගෙන් වූ බවයි.

 නමුත් ඒත් සමගම නාද වූ දුරකථනය අතට ගෙන බැලූ AJ ට දැකගත හැකි වූයේ එම ඇමතුම අනුකගෙන් වූ බවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හෙලෝ බබා.. කියන්න. "

"බබා..????"

AJ තමන්ට ඇමතු ආකාරයට අනුක පුදුමවිය.

" ම්ම්ම්ම්... ඒක අවුලක් නෑනේ. "

" ඕවා ඉස්කෝලේදී එහෙම කියනවා නෙමෙයි. හරිද. "

YOU'RE MY HOMEWhere stories live. Discover now