YOU'RE MY HOME - CHAPTER 19

21 4 0
                                    

🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄

තවත් සුන්දර උදෑසනකට අත වනමින් හිරු උදා වී තිබුනේ දසතින්ම ඇසෙන කුරුළු ගීත වලට පවා නැවුම් ගීත රාවයන් එක් කරමිනි. වෙනදාට එලාමය වැදී බොහෝ වේලාවක් ගත වූවාට පසු අවදි වන AJ අද ඒලාමය වැදීමට පෙරම අවදි වී තිබුනේ හාස්කමකින් මෙන්ය. අනුක සහ AJ ආදරවන්තයින් වී පාසල් එන පළමු දවස අදය. AJ ගෙ මුළු හිතම සතුටින් පිරී තිබූ නමුත් හිත් කොනේ යම් දුකක් ඉතිරිව පැවතියාය. ඒ ඔවුන්ගෙ සම්බන්දය වෙනත් කිසිදු කෙනෙකුට දැන ගැනීමට නොහැකි වන අයුරින් කටයුතු කිරීමයි. රෙහාන්, මිගාර, දෙනුවන් හා ටාෂියා ඉදිරියේ ඇරෙන්න අන් අය ඉදිරියේ තමන් දෙදෙනා යාළුවො පමණක් බව AJ තම සිතට වරින් වර පැවසුවේය. තම පාසලේ මින් පෙර සමලිංගික ආදරවන්තයින් හමුවුවත් ඔවුන් කිසිම කෙනෙකුට සිතූ තරම් යහපත් පිළිගැනීමක් පාසල තුල නොවීය. ඇතැම්විට ගැරහීම් සහ කොන්වීම් වලට පවා මුහුණ දීමට ඔවුන්ට සිදුවිය. නමුත් මේ විසිවන ශතවර්ෂය ය. මින්පෙර සිදු වූ එවැනි දේවල් නැවත වියහැකි යැයි කියා කියන්නත් බැ. විය නොහැකියි කියා කියන්නත් බැ.

 විය නොහැකියි කියා කියන්නත් බැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අහ්හ්... ඔයා ආවද??"

AJ, ඇහැළ ගහ යට බංකුවේ වාඩි වී සිටි අනුක අසලින්ම ගොස් වාඩි වන විටම අනුක ඇසීය.

"ම්ම්.. 😌 "

"පුදුමයි 🙄 "

"ඇයි??? "

" වෙනදට Bell එක ගහන්න ඔන්න මෙන්න තියෙද්දී එන කෙනා අද පැය බාගයක් කලින්ම ඇවිත්. "

" අද ඉදන් මම කොහොමත් උදෙන් තමා එන්නේ 😌 "

" අහ්හ්... ඇත්තද? ඇයි දන්නේ නෑ ඒ? "

" කෙනෙක්ව බලන්න තියෙනවනේ මට... ඉතින් කට්ටිය එන්න කලින් උදේම ඇවිත් හොදට එයාව බලලා හිත පුරවගන්න ඕනේ. "

YOU'RE MY HOMEWhere stories live. Discover now